ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් තීරණාත්මක සාධකය වන පොහොර ආනයනය සුරක්ෂිත කිරීම උදෙසා ඉන්දියානු සමාගම් කිහිපයක් ඛනිජ පොහොසත් රටවල් කිහිපයක ආයෝජනයන් සිදු කළ බව රසායනික හා පොහොර අමාත්‍ය මන්සුක් මන්දාවියා පැවසීය.
යුක්රේන රුසියා යුද්ධය හේතුවෙන් ගෝලීය පොහොර මිල අනුපාත සර්පිලාකාරව හා අස්ථාවර අන්දමින් වෙනස්වීමත් බහු වර්ෂයේ ඉහළම පොහොර මිල වාර්තා වීමත් හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් පොහොර ආනයනය කිරීම ගැටලුකාරී තත්ත්වයට පත්ව තිබිණි.
අගෝස්තු 15 වැනිදා ලෝක බැංකුව , සිය ආහාර සුරක්ෂිතතා යාවත්කාලීනයේදී ප්‍රකාශ කළේ යුක්රේන යුද්ධය, මිල අධික පොහොර සේම යුරෝපය, චීනය හා එක්සත් ජනපදයට බලපාන නියඟය ගෝලීය ආහාර අර්බුදය උග්‍ර වන බවයි. “තවත් මිලියන ගණනක් අන්ත දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇත..”
මේ සියලු ගැටලුවලට විසඳුම ලෙස රට ස්වයං රඳා පවතින බවට පත් කිරීම උපකාරී වෙනු ඇතැයි අමාත්‍යවරයා පවසන අතර ආයෝජනයන්ගේ ඉලක්කයන් වන්නේ සැපයුම් ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම, දිගුකාලීන ගිවිසුම් ඇති කර ගැනීම හා මිල වට්ටම් ලබා ගැනීම බව ද සඳහන් කළේය.