ලලිත් චාමින්ද –
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ධිවර කාර්මිකයින් සඳහා කාලගුණික දත්ත ලබාදිමේ දි සුළං හමන දිශාව සුළං හමන පළාත පිළිබඳ දැනුවත් කිරිමක් සිදුනොකරන බැව් ගාල්ල දිස්ත්‍රික් ධිවර සංගමයේ සභාපති පි.බි ගාමිණි පවසයි.
“කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කාලගුණික තත්වය පිළිබඳ ධිවරකාර්මිකයින් දැනුවත් කරන්නේ පොතුවිල්, හම්බන්තොට, ගාල්ල මිගමුව, මන්නාරම, දක්වා මුහුදු ප්‍රදේශය රළු වෙනවා කියලා. ඒ නිසා ධීවර කර්මාන්තයෙන් වැලැකී සිටින්න.. කියා කියනවා“ යැයිද පි.බි ගාමිණි පවසයි.
සුළංහමන දිශාව හා පළාත පිළිබඳ දැනුවත් කළහොත් ධිවර කාර්මිකයින්ට කාලගුණය යහපත්ව පවතින ප්‍රදේශවල ධීවර කර්මාන්තය කරගෙන යාහැකි බවද හෙතෙම පවසයි. ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි පි.බි ගාමිණි මෙසේද කිවේය.
“ලංකාවේ සිතියමක් තියෙනවා. එහි තියෙනවා උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියලා. සුළග හමන්නේ දිශාවකට. ඒ දිශාව ගැන තමයි කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව මගින් දැනුවත් කරන්න ඕන. ජාත්‍යන්තර මාධ්‍ය මගින් කාලගුණ තොරතුරු ගැන වාර්තා කරන්නේ මේ දිශාවෙන් මේ අංශකයන් අනුව සුළං හමනවා කියලා. ඒ පළාත්වල ධීවර කටයුතුවල යෙදිමෙන් වැලකී සිටින්න කියලා. නමුත් අපේ කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව මගින් ඒ අයුරින් දැනුවත් කරන්නේ නැහැ. මේ විදියට කාලගුණික දත්ත නිකුත් කිරීම නිසා සියලු ධිවර යාත්‍රා මුහුදු යන්නේ එකට. ඒනිසා මත්ස්‍ය අස්වැන්න අඩුවෙනවා. මාළු මිල ඉහළ යනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ධිවරයින්ට නිවැරදි දත්ත ලබාදියයුතු වෙනවා. කාලගුණික තොරතුරු ලබා ගැනීම සඳහා ධිවරකාර්මිකයින්ට සහනදායි මුදලකට නවින තාක්ෂණික උපකරණ ලබාදිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.