සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට එකම කිරිගවයෙක් හෝ ගෙනත් නැතිව විදේශ සමාගමකට කෝටි 174ක් ගෙවලා… මුදල නැවත අය කරගන්න ක්‍රමයක් නෑ… විගණනය කියයි!

by editor
ජූනි 7, 2025
in පුවත්
cow
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කිරි දෙනුන් 15,000ක් ආනයනය කිරිමට අදාළව  මුළු කොන්ත්‍රාත් වටිනාකමින්  රුපියල්  එක සිය හැත්තෑ හතර කෝටි, අනු හය ලක්ෂ, හැත්තෑ දෙදහස් හයසිය අනූ හතක මුදලක් (1,749,672,697)  සැපයුම්කරු වෙත ගෙවීමට කටයුතු කර තිබුණද ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක්   මෙම වර්ෂයේ (2025)  පෙබරවාරි මස වන විටද රජයට ලැබී  නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.

නිසි අධ්‍යයනයකින් තොරව  හා අදාළ මුලික  කාර්යයන්  ඉටුකිරීමට පෙර මෙම  අත්තිකාරම් මුදල ගෙවා තිබු  අතර එම මුදල නැවත අය කරගැනීමට  ප්‍රමාණවත්  පියවරගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

කිරි දෙනුන්  15000ට අදාළ මුළු කොන්ත්‍රාත් වටිනාකමින්  සියයට 20ක අත්තිකාරම් මුදලක්  සැපයුම්කරුවන  ඕස්ට්‍රේලියාවේ වේලාර්ඩ්  රූරල්  එක්ස්පෝර්ට් ආයතනය වෙත  ගෙවා තිබුණි. එමෙන්ම මෙම  අත්තිකාරම් මුදල වෙනුවෙන් පිළිගත හැකි  කාර්යසාධන සුරක්ෂණයක්  තබා ගැනීමට ග්‍රාමිය ආර්ථික අමාත්‍යංශය  විසින් කටයුතු කර නොතිබුණි.  

කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව  විදේශ සමාගමක් වෙත ගෙවනු ලැබු  මෙම නිශ්කාර්ය වියදම කාර්යසාධන සුරක්ෂණයක්  තබාගෙන තිබුනානම්  යම් ලෙසකින් එම මුදල ආවරණය කරගැනීමට ඉඩ තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මිට පෙර කිරි ගවයින් ආනයනය කිරීමේ දි  පැවති විවිධ ගැටලු හා අලාභයන්  හඳුනාගෙන  ඒ සඳහා නිරික්ෂණ මෙන්ම එම තත්ත්වයන්  නිවැරදිකරගැනිමට අදාළ නිර්දේශයන්  විගණනය මගින් ලබා දි තිබුණි. ඒ පිළිබඳ නොසලකා  කිරි ගවයින් ආනයනය කිරිමට අත්තිකාරම් මුදල් ලබාදි  තිබුණි. 

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

එමෙන්ම  වසර 10කට පමණ පෙර  තෝරාගන්නා ලද  මෙකී සැපයුම්කරුවෙත  නැවත ප්‍රසම්පාදනයක් සිදුනොකර  කිරි ගවයින් ආනයනය කිරිමට  තෝරාගෙන තිබුණි.

කිරිදෙනුන්  2500 ක් 2018 වර්ෂයේ දි ආනයනය කිරීමට  සැලසුම්කර තිබියදි  එම වර්ෂයේ දිම  මෙම කිරි දෙනුන් 15000 ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලබා දී  තිබුණි.

කිරි දෙනුන් ගෙන්විම සදහා කෝටි 174කට අධික  නිශ්කාර්ය වු  අත්තිකාරම් මුදලක්  ගෙවිම සම්බන්දයෙන්  අදාළ පාර්ශවයන් සම්බන්දයෙන්  නිතිමය හෝ විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත. 

නිශ්කාර්ය ලෙස ගෙවා ඇති මුදල සැපයුම්කරුගෙන් නැවත  අයකරගැනීම කටයුතු කළයුතු බවත් එසේ  අයකරගැනිමට නොහැකි නම්  මේ සදහා නිරික්ෂණයන් , නිර්දේශයන්  සහ  අනුමැතිය ලබාදුන් පාර්ශවයන්ගෙන් අයකළයුතු බවටත්  විගණනය මගින් නිර්දේශකොට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල මාලිමාවෙන් ගිලිහෙන ලකුණු…   මහනගර සභාවේ   බලය පිහිටුවන බව විපක්ෂය කැට දමා කියයි!

Next Post

පරිපූරක වෛද්‍ය වෘත්තිය සංගම් 4ක් වර්ජනය නිමා කරති… වෛද්‍ය රසායනාගාර සේවකයින් තවමත් වර්ජනයේ!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.