ශ්‍රියානි විජේසිංහ –
රජය ගෙන යන වෘත්තීය සමිති මර්දනකාරී වැඩ පිළිවෙලට එරෙහිව සියලුම වෘත්තීය සමිති සන්ධානගතවීම සඳහා ලබන සිකුරාදා (5) මහජන පුස්තකාලයට සවස 3.00ට රැස්වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසා සිටියි.
වෘත්තීය අයිතීන් ඉල්ලා එළියට බසින වෘත්තකයින්ට කඳුළු ගෑස් සහ ජල ප්රහාරයන් එල්ල කරමින් ඔවුන්ගේ අයිතීන් ලබා නොදෙමින් මර්දනය කිරීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් පවතින බැවින් මෙම වැඩපිළිවෙළ වහාම පරාජය කිරිමට සඳහා සියලුම වෘත්තීය සමිති ඒකරාශි වන බව හෙතෙම සඳහන් කළේය.
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සියල්ලම පසුගියදා 26දා සිදුකල උද්ඝෝෂණයට කඳුළු ගෑස් සහ ජලප්රහාර එල්ල කල බැවින් එයට විරෝධය පල කරමින් පසුගිය 27 වෙනිදා පවා ගුරුවරු වර්ජනයේ නියැලුණ බවද ඔහු පැවසුවේය.
මේ වන විට ගුරු සංගම් පමණක් නොව බැංකු, තැපැල්, විදුලිය, ග්‍රාම නිලධාරීන්, සරසවි අනධ්‍යයන , දුම්රිය, ඇතුළු වෘත්තීන් ගණනාවකට ගැටලු මතුව ඇති නමුත් ඒවාට කිසිදු විසඳුමක් ලබා නොදී රජය ඉදිරියට ගමන් කරමින් සිටින බැවින් ලංකා ගුරු විදුහල්පතිවරුන්ගේ සන්ධානය මූලිකව සියලුම වෘත්තීය සංගම් එකට එක්ව ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කිරීමට තීරණය කළ බව ජෝසප් ස්ටාලින් අවධාරණය කරයි.