දිනසේන රතුගමගේ –
රජයේ ප්‍රභූන් පිරිසක් ගමන් කිරීමට නියමිතව තිබූ යාපනයේ තිරුණවේලී කනියාඩි ප්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් 19 දා සොයා ගත් බව යාපනය කෝපායී පොලීසිය සඳහන් කළේය.
එම අත් බෝම්බය දමා තිබූ ප්‍රදේශයේ නිවසකට අත්තිවාරමක් කැපීමට පැමිණි පුද්ගලයෙකුට මුලින්ම එම අත් බෝම්බය හමුවී ඔහු ඒ බව පොලීසියට දැණුම් දී තිබේ.
අදාල ප්‍රදේශයේ තවත් පුපුරණ ද්‍රව්‍ය හෝ වෙනත් යමක් ඇත්දැයි සොයා බැලීම පිණිස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් යෙදවීමට කටයුතු කළ කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







