-
සමහර ගබඩා මුලුමනින්ම හිස්… බොහෝ ඖෂධ ප්‍රමාණවත් සතියකට පමණයි… මාස තුනකට සරිලන ලෙස ඇත්තේ චීනයෙන් ලැබුණු ඖෂධ තොගය පමණයි…
රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඇතැම් ඖෂධ ගබඩා මුළුමනින්ම හිදී ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
තවත් බොහෝමයක් හිදි යමින් පවතින බවද එම ආරංචි මාර්ග පවසයි.
වෛද්‍ය සැපයුම් අංශය මාස තුනක පමණ කාලයක සිට නඩත්තු වූයේ රාජතාන්ත්‍රික මට්ටමින් සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාගයන් මත යැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේය.
සැපයුම් අංශයේ ඇතැම් ඖෂධ ගබඩාවල ඇත්තේ සතියකට ප්‍රමාණවත් ඖෂධ පමණකවන අතර චීනයෙන් මෑතකදී ලැබුණු ඖෂධ තොගය පමණක් මාස තුනකට පමණ ප්‍රමාණවත්ව පවතින බව ඔහු සදහන් කළේය.
දිවයින පුරා රජයේ රෝහල්වලින් දිනපතා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඖෂධ ලබා ගැනීමට සඳහා පැමිණෙන ලොරි රථවලට බොහෝ විට නැවත යාමට සිදුව ඇත්තේ හිස් අතින් යැයි ද හෙතෙම අනාවරණය කළේය.
පරිත්‍යාගයන් මත හෝ රජයේ මැදිහත්විම මත කඩිනමින් ඖෂධ නොපැබුණහොත් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා සියල්ල හිදී යාම වැලැක්විය නොහැකි යැයිද එම ප්‍රකාශකයා පැවසීය.









