කීර්ති ප්‍රනාන්දු –
2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානවන පාසල්වලින් බැහැරව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මගින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ 2022/ 12/ 31 දක්වා අනුයුක්ත ව සිටි එම ගුරු භවතුන් වෙත මේ සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවය.
මීට ඉහත ඊට අදාළ ව නිකුත් කර ඇති ලිපිය ම 2023/ 03/ 24 දින දක්වා බලාත්මක වන බවය.









