සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංගා රිමාන්ඩ්….

by editor
මාර්තු 20, 2023
in පුවත්
ranga
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ශ්‍රී රංගා මාර්තු මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ  තබන ලෙස  වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මොහමඩ් නිහාල් අද (20) නියෝග කළේය.

හිටපු මන්ත්‍රීවරයාට වවුනියාව මහාධිකරණයෙන් දුටු තැන අල්ලන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල්   විසින් පසුගිය 17 දා  වරෙන්තුවක් නිකුත් කරණු ලැබුවේ වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සදහා ඔහු පෙනී නොසිටීමත් සාක්කි කරුවන්ට යළි තර්ජනය කළ බවට අධිකරණ හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමගය.

එම වරෙන්තුවට අනුව ඔහු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව 20 දක්වා රිමාන්ඩ් බාරයේ තබා වවුනියාව මහාධිකරණට ඉදිරිපත් කරණ ලෙස ගල්කිස්ස අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබුණි.

ඒ අනුව ඔහු වවුනියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව මාර්තු මස 27 වෙනිදා දක්වා ශ්‍රී රංගා  රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග  ලැබුණි.

ශ්‍රී රංගාට  එරෙහිව චෝදනා එල්ල වූයේ  2011 වසරේ මාර්තු මස 30 වෙනිදා වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී  ඔහු  විසින් පදවා ගෙන ගිය ඔහුට අයත්  ලියාපදිංචි නොකළ  වාහනයක් ඔහුගේ පාලනයෙන් ගිළිහී ගොස් සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටීම නිසා  ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු වන අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන්  ජි.උදය ජයමිණි පුෂ්පකුමාර  යන අය මිය යාමත් එම සිද්ධියේ සාක්කි වෙනස් කිරීමත් ඇසින් දුටුවන්ට තර්ජනය කිරීමත් යන චෝදනාවන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වවුනියාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහය මත සාක්කි වෙනස් කරමින් ඒ අවස්ථාවේදී රථය පදවා ගෙන ගියේ මියගිය පොලිස් සැරයන් වරයා බවට අධිකරණය හමුවට තොරතුරු ඉදිරිපත් කළ එවකට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රී රංගා මේ සිද්ධිය දුටු පිරිසකට තර්ජනය කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාවයක් මත යළිත් වරක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වූ අවස්ථාවේදී අනතුර සිදුවන විට වාහනය පදවා ගෙන ගියේ  එවකට මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී රංගා බවට  කරුණු අනාවරණය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් සාක්කි වසන් කිරීම හා ව්‍යාජ තොරතුරු සැපයීම  අපරාධයක් සැගවීම ඇතුළු  චෝදනා කීපයක් සම්බන්ධයෙන් එවකට වවුනියාවේ ජෙයෂ්ඨ   පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා ඇතුලු හතර දෙනෙකුට එරෙහිව හා ශ්‍රී රංගාට එරෙහිව වවුනියාව  අධිකරණයේ පනවන ලද නඩුව පසුව  මහාධිකරණය වෙත මාරු කොට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය!

Next Post

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.