බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය!

by editor
මාර්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොටි ත්‍රස්තවාදි යුද්ධය පැවැති සමයේ මෙරට සාම නියෝජිතයා ගේ භූමිකාව රඟ පෑ එරික් සෝල්හයිම් පසුව නෝර්වේ රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය. පසුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කළ ඔහු ආසියාව පිළිබඳව , විශේෂයෙන් ඉන්දියාව පිළිබඳව උනන්දු වන්නෙකි. ඔහු මෑතකදී ඉන්දියාවේ අනාගතය පිළිබඳව ලියූ ලිපියක සංක්ෂිප්තයක් පහත දැක්වෙයි.

එරක් සොල්යහිම්..

ඉන්දියාව මේ වසරේදී චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වනු ඇත. ඒත් සමඟම සියයට හතක  ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් ලොව ප්‍රධාන ආර්ථික අතරමින් ඉහළම ආර්ථික වර්ධනය අත්පත් කරගත් රට බවටද පත්ව තිබේ.

මේ අතර ඉන්දියාව වෙනුවට බොහෝ විට භාරතය ලෙසින් නුදුරේදීම හැදින්වීමට ඉඩ පවතින බවටද ඉඟි දැනටමත් පහළ වී ඇත. ඒ අනුව සරලව පවසනවා නම් 2023 වර්ෂයේදී සියලුදෙනා අනුගමනය කළයුතු රටවන්නේ ඉන්දියාවයි.

ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වන විට ආයු අපේක්ෂාව අවුරුදු 30 ක් පමණ විය. දැන් එය අවුරුදු 70 ට ආසන්න ය, ඒ අනුව  ආයු අපේක්ෂාවෙන් ඇමරිකාව පසුකර ගිය ඉන්දියාව චීනය අනුගමනය නොකරනු ඇතැයි කිසිවෙකුට සහතික විය නොහැක.

නිදහස ලබන විට ඉන්දියාවේ ලිවීමට හා කියවීමට හැකි වූයේ  ඉන්දියානුවන් සුළු පිරිසකට පමණි. එහෙත්  ගුණාත්මක බව බොහෝ විට ප්‍රමාණවත් නොවූවත්, අද වන විට ඉන්දියාවේ දරුවන් සියල්ලම පාහේ පාසල් අධ්‍යාපනය ලබති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එමෙන්ම නෝර්විජියානු අගමැති ඇතුළු බොහෝ බටහිර නායකින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පැවැත්වූ මත විමසුමකදී අනාවරණය වූයේ ලොව වැඩිම ජනතා ප්‍රසාදයක් ඇති ජන නායකයා වන්නේ අගමැති මෝදි බවයි. එහිදී මෝදි අගමැතිට ඉන්දියානුවන්ගෙන් සියයට 78ක් සිය කැමැත්ත පළකර තිබේ.

ඇත්ත වශයෙන්ම, ජනප්‍රිය වීම ඔබ සැමවිටම නිවැරදි දේ කළ බවට සහතිකයක් නොවේ. නමුත් ක්‍රමක්‍රමයෙන් මෝදි ඉන්දියාව ඉදිරියට ගෙන ඒමට සමත්ව ඇත.   රට අද ඊයේට වඩා හොඳ යැයි මිනිසුන්ට හැඟේ නම්, ජනතාව නිරායාසයෙන්ම පවතින දේශපාලන නායකත්වයට සහාය වීමට නැඹුරු වීම සිදුවන්නකි.

ඉනදීය අගැති මෝදි සහ ඔහුගේ පාලක භාරතීය ජනතා පක්ෂය වරෙක නාගරික මධ්‍යම පන්තිය සඳහා දක්ෂිණාංශික ඉහළ කුල වාදී පක්ෂයක් විය. ඔවුන් දැන් වාමාංශික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර උතුරු ඉන්දියාවේ, පහළ සහ මධ්‍යම කුල අතර දැවැන්ත බහුතරයක් දිනා ගෙන ඇත. භාරතීය ජනතා පක්ෂය ඉන්දීය දේශපාලනයේ මුලුමනින්ම ආධිපත්‍යය දරන අතර කොංග්‍රස් පක්ෂයට මින් පෙර හිමිව තිබූ බලයද විශාල වශයෙන් පහළ ගොස් තිබේ.

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි

මෝදි ඉන්දියාව ගැන අලුත් දිශානතියක් ගෙන ඒමට සමත්ව තිබේ. ඔහු ඉන්දියානු අනන්‍යතාවය හින්දු ආගමට, ශිව, රාම්, ගනේෂ් සහ හින්දු දෙවිවරුන්ගේ විශාල පරිදර්ශනයට සමීපව සම්බන්ධ කරයි. ඒ අනුව අද වන විට ඉන්දියානුවන් තවදුරටත් කතා කරන්නේ ඉන්දියාව ගැන නොව, නිජබිම වන භාරතය ගැන ය. මා අද  ඉතා විශ්වාසයෙන් කියන කරුණක් වන්නේ  තවත් වසර කිහිපයකින් ඉන්දියාව එහි නම භාරතය ලෙස නිල වශයෙන් වෙනස් කරාවි යනුවෙනි.

මෙම නව ඉන්දියානු අනන්‍යතාව උතුරු ඉන්දියාවේ ගම්වල සහ බොහෝ මධ්‍යම ප්‍රමාණයේ නගරවල දෝංකාර දෙයි. කොටින්ම ඉන්දියාවේ මෙම නගරවල විශාලත්වය ගැන කියනවා නම් නෝර්වේ අගනුවර වන ඔස්ලෝට වඩා විශාල නගර 140 ක් ඉන්දියාවේ ඇත.

ඉන්දියාව පිළිබඳ මෝදිගේ නව දිශානතිය දිල්ලියේ හෝ මුම්බායිහි නාගරික  බුද්ධිමතුන් අතර එතරම් ජනප්‍රිය නොවේ.

එමෙන්ම එය ඉන්දියාවේ මිලියන 200ක් වන මුස්ලිම්වරුන්ට හෝ මිලියන 20ක් වන කිතුනුවන්ට ආයාචනා නොකරයි. හින්දු සහ මුස්ලිම් අතර ගැටුම් ඇති විය හැකි බැවින් මෙය නිසැකවම ගැටලුවක් නොවේ.

ඛේදජනක ලෙස, මෝදි පාලනය යටතේ සෑම වසරකම ආගමික ගැටුම්වලින් මිනිසුන් 100 ක් මිය ගිය නමුත්, මෙම සංඛ්‍යාව කොංග්‍රස් සමයට වඩා වැඩි නොවේ.

කෙසේ වෙතත්  ඕනෑම ගෝලීය සංසදනයකින් ඉන්දියාවේ ප්‍රචණ්ඩත්වය අඩු මට්ටමක පවතින අතර මෑත සමීක්ෂණයකින් පෙන්නුම් කරන්නේ එය අඩුවෙමින් පවතින බවයි.

යුරෝපීය දේශපාලන නායකයින්ට මෝදි විසින් ඉතා ආකර්ශනීය ලෙස ජාතිකවාදී දේශපාලන ක්‍රමයක් නිර්මාණය කරන ආකාරයත් එයට ඉන්දීය වැඩකරන ජනයා සහය දක්වන ආකාරය තුළින්  බොහෝ දේ උගත හැකිය.

මෝදිගේ ආර්ථික ප්‍රතිපත්තිවලින් සහ පරිසර හිතකාමී සංවර්ධනය උදෙසා කැපවීමෙන් බටහිර අපටද ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. දශක කිහිපයකට පෙර දකුණු කොරියාව කටයුතු කළාක් මෙන් මෝදි ක්‍රමානුකූලව රාජ්‍යය ආර්ථික මෙවලමක් ලෙස භාවිතා කරයි. ඔහු හරිත හයිඩ්‍රජන්, සූර්ය පැනල නිෂ්පාදනය, විදුලි බැටරි හෝ හරිත ප්‍රවාහනය සඳහා විශේෂ වැඩසටහන් දියත් කර තිබේ.

මෝදිගේ ජනප්‍රියත්වයට හේතු වී ඇත්තේ ඔහු නිර්මාණය කිරීම සහ බෙදා ගැනීම යන දෙකම නිසාය. දුප්පතුන්ට ප්‍රථම වරට ඔවුන්ගේ ජංගම දුරකථන හරහා සැබෑ බැංකු ප්‍රවේශයක් ඇති ඩිජිටල් ආර්ථිකයක් සෘජු මුදල්  හුවමාරු කිරීමට හැකිවක් නිර්මාණය කිරීමට සමත්විය.

අගමැතිවරයාගේ මුදල් හුවමාරුවෙන් ගම්වැසියන් ප්‍රතිලාභ ලබා ඇත. සෘජු මුදල් හුවමාරුව ඉන්දීය සමාජය වෙනස් කිරීමට සමත්ව තිබේ. ඒ අනුව තවදුරටත් දුප්පතුන්ට පෝලිම්වල සිටගෙන ධනවත් හෝ බලවත් අයගෙන් හිඟා කන්න අවශ්‍ය නැත. අතරමැදියන් හට අයුතු ලෙස ලාභ ලැබීමේ අවස්ථාවද මේවන විට අවම කිරීමට සමත්ව ඇත.

මෝදි යටතේ රජයෙන් සෘජු ගෙවීම් ලබන ඉන්දියානුවන් සංඛ්‍යාව මිලියන 108 සිට 763 දක්වා වැඩි වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ චීනය මෙන්ම ඉන්දියාව දැඩි දරිද්‍රතාවයෙන් නුදුරේදීම මිදෙන්නට ඉඩ ඇති බවයි.

මෝදි ඉතා දුප්පත්ම අයට උපකාර කරන ප්‍රායෝගික වැඩසටහන් ද දියත් කර තිබේ. ඒ අනුව ග්‍රාමීය වැසිකිලි මිලියන 100ක් සහ ගමේ නිවාස රැසක් ඉදිකර ඇත. එහිදී   තමන් විසින්ම ගොඩනඟන හෝ ගමේ වඩු කාර්මිකයා හෝ ගඩොල් කපන්නා යොදවා ගන්නා ගම්වැසියන්ට මුදල් කෙලින්ම ලබා දීමද සිදුවේ.

මෙම වැඩසටහන විශේෂයෙන්ම කාන්තාවන්ට ඉලක්ක කර සිදු කරන අතර එහිදී ඔවුන්ට නිසි සනීපාරක්ෂක පහසුකම් ලබාදීමත් ලිංගික හිංසනය අවම කිරීමටත් සමත්ව ඇත.

මෑත වසරවල මගේ බොහෝ සංචාරයන් තුළින්, මම ඉන්දියාව තුළ වර්ධනය වන ස්වයං දැනුවත්භාවය සහ අභිමානය අත්විඳිමි. තම රට වෙනුවෙන් විශාල දේවල් කිරීමට අවශ්‍ය යැයි පවසන තරුණයින් මට සංචාර අතර තුරදී  නිතර මුණගැසේ. යුරෝපයේ තරුණයින් අතර එවැනි ජාතික අභිමානයක් මට අසන්නට ලැබෙන්නේ ඉතාම අල්ප වශයෙනි.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් බොහෝ දෙනාගේ හදවත් දිනා ගන්නේ, ඔහුගේ ඉතා දක්ෂ රාජ්‍ය ත්‍රන්තික වැඩසටහන් ඔස්සේය.  ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ  යුරෝපයේ ප්‍රශ්න ලෝකයේ ප්‍රශ්න වන යුගයේ අවසානය බවත්, ලෝකයේ ප්‍රශ්න යුරෝපයේ ප්‍රශ්න නොවන බවත්ය.

2050 දී ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වීමට ඉන්දියාව එක්සත් ජනපදය සමඟ තරඟ කරනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ නිසා අප ඉදිරි වසරවලදී   ඉන්දියාව දෙස බැලීම ඉතාම වැදගත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකාවට එරෙහිව චීනය, රුසියාව, උතුරු කොරියාව සහ ඉරානය කටයුතු කිරීමේ අවදානමක්

Next Post

රංගා රිමාන්ඩ්….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.