ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සමන්තා ඈපාසිංහ මහත්මිය අද දින අභාවප්‍රාප්ත වී තිබේ.
දිගු කාලයක් අසනීප තත්ත්වයෙන් සිටි ඇය කොවිඩ් ආසාදිත ව මියගිය බව කලා ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
දිගු කලක් මෙරට වේදිකා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට විවිධ රංගන ප්‍රතිභාව පෙන් වූ ඇය ‘සෙනෙහෙබර ඩොලී’ වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මාන ඇතුළු සම්මාන ගණනාවක් දිනා ගෙන ඇත.
2001 වර්ෂයේ දී විදේශගතව සිට ඇති අය පසුව අසනීප තත්ත්ව හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණ වෛද්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතරේ මෙසේ මියගොස් ඇති බව සඳහන් වේ.







