යෝජිත නව ආණ්ඩුවේ කැබිනට් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධූර සඳහා සුදුස්සන් පත් කර එවීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ඒ ඒ පක්ෂ වෙත භාර දී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සහ සන්ධාන විසින් නම් කර එවන මන්ත්‍රීවරුන්ට පමණක් ඉහත ඇමති ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.
නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් කිරීම ලබන සතිය තුළ සිදුකරන බවත් එහි කැබිනට් ඇමති සංඛ්‍යාව තිස් දෙනෙකුගෙන් සමන්විත වන බවත් ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ කැබිනට් නියෝජ්‍ය රාජ්‍ය ඇමති ධූර සංඛ්‍යාව 70 ඉක්මවා යන බවය.