පොහොට්ටුව විසින් නව ඇමති ධූර සඳහා නම් කර එවූ නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත රෝහිත අබේගුණවර්ධනට ඇමති ධූර ලබා දීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම විරෝධයක් මතු වී තිබේ.
මෙම විරෝධය දැඩිව මතු වී ඇත්තේ පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයෙන්ම වීම විශේෂ කරුණක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම ඇමති ධූර ලබා දීමට විරෝධය දක්වන පිරිස් පවසන්නේ ජනතා කෝපයට ලක් වී ඇති මෙම පුද්ගල චරිත සන්තර්පනය සඳහා ලබා දෙන මෙම ඇමති ධූර යළිත් ජනතා කෝපය අවුලුවා ව්‍යසනයක් ඇති කළ හැකි බවකි.
පොහොට්ටුව තුළින් මතුව එන මෙම විරෝධය සමනය කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රබලයින් කටයුතු කරමින් සිටින බව වැඩි දුරත් අනාවරණය වේ.







