අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද හමුදා සෙබලුන්ගේ ආහාර වේලත් කප්පාදුවක ද?

by editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ ඇසෙන්නේ මේ ආණ්ඩුවෙන් කිසිවෙක් බලාපොරොත්තු නොවුණු කතාවකි.

“ කාට නැතත් හමුදාවට හොඳට සලකයි.“  රටේ මිනිස්සු හිතුවේ එහෙමය. එහෙත් හමුදාවේ ඉහළ පරිපාලනය රටට මොනවා කිව්වත් සොල්දාදුවා කොඳුරමින්  කියන කතාව අපත් කම්පනය කරන්නේය.

“උදාර සොල්දාදුවො බත් පතකට හඬා වැටෙන ජාතියක් නොවෙයි. ඔවුන්ගේ අභිමානය ඔවුන් විනාශ කරගන්නෙ නෑ. ඔවුන්ගේ විනය හා ශික්ෂණය තුළ ඔවුන් දුෂ්කරතා රට වෙනුවෙන් දරා ගනීවී…“  ඉහළ නිලයන් මෙවැනි ගැටලු ඉදිරිපත් වූ බොහෝ අවස්ථාවල මෙවැනි කතා කියනු අසා පුරුදු ඇත්තෙමු.

එහෙත් ඇත්ත කතාව මේ “මොරාල් අප් “ වෙන කතන්දරවලින් වැහෙන්නේ නැත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් ඇති වීඩියෝවකි…

රටේ බොහෝ  යුද හමුදා කඳවුරුවල  හමුදා සෙබලුන් වෙත ලබා දෙන දෛනික ආහාරවේලෙහි ගුණාත්මක බව මුලුමනින්ම පාහේ බිඳවැටී ඇති ආකාරය පිළිබඳ  වාර්තා වෙමින් තිබේ.

ලුණු මිරිස් තුනපහ හිඟය මෙන්ම අනුමත ආහාරවේල නොලැබම පිළිබඳ චෝදනා නැගෙමින් ඇත. බොහෝ කඳවුරුවල නිලධාරී නොවන සෙසු නිලයන් සඳහා සමහර දිනවල ව්‍යාංජන හතරක් සහිත අනුමත ආහාර වේල වෙනුවට ලැබෙන්නේ එක් එළවලුවක් හා බත් පමණක් බව වාර්තා වේ.

තමන් සිටිනා තත්වය තුළ කිසිම හඬක් නැගිය නොහැකි බැවින් නොමැරී සිටීම සඳහා ලබා දෙන ආහාර සලාකය නිහඬව පිළිගන්නට සිදුව ඇතැයි මේ පිළිබඳව කළ විමසීමක දී විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කළේය.

“ බොහොමයක් කඳවුරුවල හමුදා සෙබලුන්ගේ ආහාර වේලෙ තත්වය ඒකයි.  සැපයුම්වල මෙන්ම ආහාර සලාක කළමනාකරණයේ දීත් ගැටලු ඇති වෙලා තියනවා. කිරි තේ එකක් බීපු කාලයක් මතක නෑ. පළතුරු නෑ. චිකන් කෑල්ලක් මාසෙකින් කාල නැහැ. අනුමත ආහාර වේල නොවෙයි… කන්න පුලුවන් විදිහට එක ව්‍යාංජනයක් දුන්නත් ඇති. තෙල් ටිකක්, පොල් ටිකක්, තුනපහ ටිකක් නැතිව වතුරට දෙන කෑම කන්නෙ කොහොම ද?. කෑම වේලකින් පෙන්වන්වන්නෙ ගෞරවය. “ ඔවුන් අපට කියන්නේ එසේය.

පෙරේදා  (27)  කිළිනොච්චියේ කඳවූරක උදේ කෑම වේලය.

එමෙන්ම  ආහාර ද්‍රව්‍යවල සැපයුම් ස්වරූපය පහත දැක්වේ. මේ බූස්ස හමුදා කඳවුරින් අද කරන්දෙනිය කෘෂිකර්ම කඳවුර වෙත ඊයේ යවා තිබුණු එළවළුය.

“නිලධාරීන්ගෙ කෑම සල්ලි වැටුපට එකතු කරලා තියනවා.    ඒ නිසා ඒ අයට මේ ප්‍රශ්නය නෑ. අද දුන්නේ අඹයි,     අලු කෙසෙලුයි හාල්මැස්සොයි. ඒ හාල්මැස්සො කනවා තියා නහය ලඟට ගන්න බෑ. කැන්ටිමේ කොත්තු කාලා බඩ පුරවා ගන්නේ.“ ඒ අනුරාධපුරයේ කඳවුරකින් ඇසුණු කතාවකි.

“ ඉස්සර මොනව නැතත් පරිප්පු හරි තිබ්බා. දැන් මේ දෙන කඩල පරිප්පුව තැම්බිලා නෑ. කන්න බෑ. කිසිම කරි එකකට බී ලූනු කෑල්ලක්, කහ ටිකක් නෑ. මාස තුනකින්වත් කිරි තේ එකක් බීලා නෑ. “  එය ඇසෙන්නේ කිලිනොච්චි කඳවුරකිනි.

අප මේ නාමිකව කළ හෙළිකිරීම්වල සත්‍ය අසත්‍යතාවය අදාල බලප්‍රදේශ භාර හමුදා ආඥාපතිවරුන්ට ස්වාධීනව පරීක්ෂා කර සොයා ගත හැකිය.

කෙසේ වෙතත් හමුදා සෙබලුන්ගේ ආහාර සලාකය කප්පාදු කිරීම සම්බන්ධව ඇසෙන පොදු කතාව එයය. රට ආර්ථිකව දුෂ්කර අඩියක බව සැබෑය. බඩු මිල අහස උසට ගොස් ඇත. සමූහයකට ආහාර ලබා දී තෘප්තිමත් කිරීමේ අපහසුව ගැන පොදුවේ පරිපාලනය කියන කතා අත්දැකීමෙන් අසා ඇත්තෙමු.

එහෙත් මේ දුෂ්කර අවස්ථාව වඩාත් සාධාරණ විදිහට කළමනාකරණය කිරීමේ වගකීම ආණ්ඩුවකට තිබේ. මේ ආණ්ඩුව මේ තැනට ඔසවා තැබුවේ අද ආහාර වේලත් කප්පාදු කර දැමූ සෙබල මිනිස්සුය.

සමාජ මාධ්‍යජාලාවල පලවුණු සොල්දාදුවන්ගේ කෑම වේලක්…

මේ පෙළ ගැසෙන තොරතුරු රටේ පවතින ආර්ථික අහේනිය, සැපයුම් දුෂ්කරතා ඇතුළු ප්‍රායෝගික තත්වයන් ඉක්මවන අශ්ලීල දූෂණයන්හි අවපැහැයෙන් දුර්වර්ණ වී ඇති බව අපටනම් පෙනෙමින් ඇත.

මේ කියවන වගකිවයුතු ඔබට එය දැනේ දැයි අප දන්නේ නැත. එහෙත් තුට්ටුදෙකේ ගැහිලි නිසා උපදින මේ අතෘප්තිය පීඩනය වර්ධනය වීමට ජාතියක් ලෙස ඉඩ නොදිය යුතු බව පමණක් මහත්වරුනි… ඔබට අවාධාරණයෙන් යුතුව ලියා තබමු.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් ගෑස් ගිනි ගැනීම් දෙකක්… ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ ගැටලුව දුර යන ලකුණු…

Next Post

යාපනයේ සහ කිළිනොච්චියේත් ගෑස් පිපිරීම් දෙකක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.