දිනසේන රතුගමගේ –
යාපනයේදී සහ කිළිනොච්චියේදී ද ඊයේ ( 28 ) සවස ගෑස් උදුන් දෙකක් පිපිරී ගොස් ඇතත් ඉන් කීසිවෙකුටත් හානි සිදු වී නොමැත.
යාපනයේ කන්දරෝඩෙයි ගණදෙවි කෝවිල් පාරේ නිවසක ගෑස් උදුන පිපිරී යන අවස්ථාවේදී ගෘගණිය ලිප දල්වා වෙනත් කටයුත්තක නියැලී සිටියදී එය පුපුරා ගොස් තිබේ.
ගැස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් නිසා මෙම නිවෙස් හිමියා බිත්තිය සිදුරු කොට ගෑස් ටැංකිය බිත්තියෙන් ඈත වෙනත් ස්ථානයක තැබීම නිසා අනතුරේ ප්‍රමාණය අඩු වී තිබේ.
මේ අතර කිළිනොච්චියේ තිරුවායිආරු ප්‍රදේශයේ නිවසක ද ගෑස් උදුනක් පිපිරී ගොස් ඇත්තේ වර්ෂාව පැවති අවස්ථාවේදීය.
එම ගෘහණියද මුලුතැන්ගේ නොසිටීම නිසා කීස්වෙකුටත් හානි සිදුව නොමැත.
යාපනයේ චුන්නාකම් පොලීසිය හා කිලිනොච්චිය පොලීසිය මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙනයයි.