අනුරාධපුර පර්සි කුරුනේරු –
ශ්‍රී ලංකා යුද හමුදාවේ ආබාධිත රණවිරුවන් රඳවා සිටින අනුරාධපුර නුවරවැව අභිමංසල නිවාඩු නිකේතනයේ සේවයෙහි නියුතුව සිටි මේජර්වරයෙකු සිය නිදන කාමරයේදී අද (12) පෙරවරුවේ ගෙල වැලලාගෙන මියගොස් ඇත .
තමා සිය දිවිහානි කර ගන්නා අයුරු සිය කාමරයේ කැබිනට් එකක් මත තබා ජංගම දුරකථනය මගින් වීඩියෝ ගත කිරීමට සලස්වා කාමරයේ සිවිලින් පංකාවකට ගැට ගැසූ ඇද ඇතිරිලි දෙකක ආධාරයෙන් ගෙල වැලලාගෙන ඔහු මෙසේ සියදිවි හානි කරගෙන ඇත .
අනුරාධපුර මාතලේ හන්දිය සමගි මාවතේ පදිංචිව සිටි තිස් පස් හැවිරිදි එක් දරු පියෙකු වන යුද හමුදා මේජර් කේ.සමන්ත මධුසංඛ නැමැත්තෙකි.
මියගිය මේජර්වරයාගේ ජීවිතයේ පුද්ගලික සම්බන්ධතාවයක් හේතුවෙන් මෙසේ ගෙල වැලලාගෙන සිය දිවිහානි ඇති බව මරණය සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. එම්.ජයතිලක විසින් සිදු කළ ස්ථානීය පරීක්ෂණයේදී හා හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
ෙපශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි .
අනුරාධපුර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි .