මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව මනම්පිටිය කොටලිය පාලම අසල නිරන්තරව සිදුවන අනතුරු අවම කරගැනීමට එම ස්ථානය සහ ඊට ආසන්න ප්‍රදේශයෙහි අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදීමට අද (12) ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය, ඇතුළු අදාළ බලධාරීන් විසින් පියවරගෙන තිබිණි,
ඒ අනුව මෙම ස්ථානයේ පළුදු වී තිබූ මාර්ග සංඥා, අනතුරු සංඥා, පාලන සංඥා, අලුත් වැඩියා කරමින් මනම්පිටිය කොටලිය පටු පාලමට ඇතුළුවන දෙපසින් කුඩා තාර ගැටි යොදා රියදුරන්ගේ අධික වේගය අවම කිරීමට පියවර ගෙන ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව ප්‍රධාන ඉංජිනේරු එච්. පී. එල්, චන්ද්‍රතිලක අප කළ විමසීමකදී සඳහන් කළේය’

ඉකුත් 09 වෙනිද රාත්‍රී 7.40 ට පමණ කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් කොටලිය පාලමෙන් ඔයට පෙරළී සිදුවූ වූ අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් හතළිස් එක්දෙනෙකුට තුවාල ලබා පොලොන්නරුව මහරෝහලට ඇතුළත් කළහ.
මනම්පිටිය කොටලීය අනාරක්ෂිත පාලමට පැලැස්තර නොයොදා ස්ථිර විසදුම් ලබාදෙන ලෙසත්, මෙම පටුපාලම ඉතා කඩිනමින් පුළුල් කර මෙම මාර්ගයේ ගමන් ගන්නා මගි ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඊයේ (11) දිඹුලාගල උතුරු සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතාලංකාර ස්වාමීන්වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණ ප්‍රජා ක්‍රියාකාරින් පිරිසක් විරෝධතාවයකද නිරත වූහ,
මනම්පිටිය කොටලීය පාලම සහ ගල්ලෑල්ල පාලම් දෙක පුළුල්වීමේ අවශ්‍යතාවය සහ එහි අවධානය පිළිබඳ අවස්ථා කිහිපයක දී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් දේශපාලන අධිකාරිය දැනුවත් කර තිබෙන බවද මෙහිදී අනාවරණය විය,







