ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස නිර්දේශ කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම තනතුරට පත් කිරීමට ජාතික තේරීම් කමිටුවේ සභාපති යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා දිගින් දිගටම විරොධය පෑම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අලුතින් නම් කිරීම ප්‍රමාද වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
යුද හමුදාපතිවරයාගේ මේ ප්‍රතික්ෂේප කිරීම නිසා දැන් සිදුවී ඇත්තේ දකුණු අප්‍රිකානු සංචාරයට මෙන්ම කොදෙව් සංචාරයට ද නීත්‍යානුකූල නොවන මට්ටමින් කණ්ඩායම තෝරා ගැනීමට බවත් ඒ අනුව නිල තේරීම් කමිටුවක් නොමැතිව කලින් සිටි තේරීම් කමිටුවේ දෙදෙනෙක් ලවා ජාතික කණ්ඩායම තොරා ගත් බවත් වාර්තා වේ.
යුද හමුදාපතිවරයාගේ මෙම ප්‍රමෝද්‍ය විරෝධය මතුවන්නේ යුද හමුදා මේජර් වරයෙක් ලෙස මෑතක දී යුද හමුදාවට බඳවා ගත්, සිය බිරියට අනුව ක්‍රිකට් ගසන බවට ප්‍රසිද්ධ “ෆේස් බුක් කැම්පේන්“ කාර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පෙළඹවීම මත බව කියැවේ.
මෙම ක්‍රීඩකයා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමග උරණ වී ඇත්තේ ශාරීර යෝග්‍යතා පරීක්ෂණයේ දී අල්ලස් දී අභ්‍යාසකයන් ලවා සිය සැබෑ දත්ත වෙනස් කර යෝග්‍යතා වාර්තාව සකස් කිරීමේ මගඩිය හෙළිදරව් කරනු ලැබුවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිසාය.
ප්‍රමෝද්‍යගේ මේ හෙළිදරව්වෙන් අනතුරුව ඉහත ක්‍රීඩකයා විලි ලජ්ජාවට පත් වූවා පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය හා විදේශීය අභ්‍යාසකයන් දෙදෙනාම සේවයෙන් නෙරපා දැම්මේය.