බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“උගත් විනිසුරුවරුන් හැදු පාස්කු කොමිසමේ තීරණ ඕ ලෙවල්වත් නැති අයට ගන්න දෙන්න බෑ”

අගරදගුරු හිමියෝ කියති

by Lanka Sara Editor
පෙබරවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නොමැති පුද්ගලයන්ට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්‌ සොයාබැලීමට පත්‌ කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන්‌ වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත්‌ කරුණු අධ්‍යයනය කිරීමට පත්‌ කළ අමාත්‍ය කමිටුව තමන්ට පිළිගත නොහැකි බව පවසමින් අගරදගුරු හිමියෝ මේ බව සඳහන්‌ කළේ කටුවපිටිය ජනතාව අද
සංවිධාන කර තිබූ විරෝධතාවක්‌ අතරතුරදිය.

නව කමිටුවට එරෙහිව කටුවාපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත කාදිනල් හිමියන් අද (20) පැමිණි අවස්ථාවේ දී ජනතාව සමග මෙලෙස අදහස් හුවමාරු කළේය.

“පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. නමුත් කමිටු දාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය කරන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ.

අපේක්ෂිත විසඳුම් නොලදහොත් ඉදිරියේ දී ජාත්‍යන්තරයට යන බවට අගරදගුරු හිමියෝ යළි අවධාරණය කළහ.

මේ පිළිබඳව පාප් වහන්සේ ද දැනුවත් කළ බව අගරදගුරු හිමියෝ පැවසුවේ මෙසේය.

“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම විවිධ සංවිධාන තියෙනවා අපේ ජාත්‍යන්තර ඒවට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.“

අනතුරුව කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදි ද ප්‍රදේශවාසි ජනතාවට එහිදී මේ බව පැවසීය.

“ඔයාලා බය වෙන්න එපා. අපි ඔක්කෝම මෙතෙන ඉන්නේ ඒකට යි. කමිටුවලින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉදිරියට ගේනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්දක් තියෙන නායකයෙක් ව. අපේ නායකත්වයෙන් වැඩක් නෑ, කියන කියන දේට ඔලුව පාත්කරන්න ගියාම.

ඔයාලගේ පැත්තේ මම ඉන්නේ. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. උගත් මිනිස්සු 5කගෙන් සමන්විත කොමිසම දුන්න විනිශ්චය දුන්නේ ඒ කරුණු ඉෂ්ඨ කරන්න. ඒ නිසා O/L පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න ඉඩදෙන්න බෑ.“ යනුවෙන් අගරදගුරු හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාරම්පරිකව වගා කළ ඉඩම් මුදා හරින්න කිව්වට කැලේ කපන්න අවසර දීලා නෑ…

Next Post

යුද හමුදාපතිවරයාගේ ප්‍රමෝද්‍ය විරෝධය ජාතික කණ්ඩායම තේරීමත් අවුල් කරයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.