සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නොමැති පුද්ගලයන්ට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය කමිටුව තමන්ට පිළිගත නොහැකි බව පවසමින් අගරදගුරු හිමියෝ මේ බව සඳහන් කළේ කටුවපිටිය ජනතාව අද
සංවිධාන කර තිබූ විරෝධතාවක් අතරතුරදිය.
නව කමිටුවට එරෙහිව කටුවාපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත කාදිනල් හිමියන් අද (20) පැමිණි අවස්ථාවේ දී ජනතාව සමග මෙලෙස අදහස් හුවමාරු කළේය.
“පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. නමුත් කමිටු දාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය කරන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා.
කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ.
අපේක්ෂිත විසඳුම් නොලදහොත් ඉදිරියේ දී ජාත්‍යන්තරයට යන බවට අගරදගුරු හිමියෝ යළි අවධාරණය කළහ.
මේ පිළිබඳව පාප් වහන්සේ ද දැනුවත් කළ බව අගරදගුරු හිමියෝ පැවසුවේ මෙසේය.
“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම විවිධ සංවිධාන තියෙනවා අපේ ජාත්‍යන්තර ඒවට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.“
අනතුරුව කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදි ද ප්‍රදේශවාසි ජනතාවට එහිදී මේ බව පැවසීය.
“ඔයාලා බය වෙන්න එපා. අපි ඔක්කෝම මෙතෙන ඉන්නේ ඒකට යි. කමිටුවලින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉදිරියට ගේනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්දක් තියෙන නායකයෙක් ව. අපේ නායකත්වයෙන් වැඩක් නෑ, කියන කියන දේට ඔලුව පාත්කරන්න ගියාම.
ඔයාලගේ පැත්තේ මම ඉන්නේ. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. උගත් මිනිස්සු 5කගෙන් සමන්විත කොමිසම දුන්න විනිශ්චය දුන්නේ ඒ කරුණු ඉෂ්ඨ කරන්න. ඒ නිසා O/L පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න ඉඩදෙන්න බෑ.“ යනුවෙන් අගරදගුරු හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.