අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ පිස්සුව

by Lanka Sara Editor
පෙබරවාරි 20, 2021 - Updated on පෙබරවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලනය ගැඹුරට කියවන හුඟ දෙනෙකු කියන විදියට ජේ.ආර්. විසින් ගන්නා ලද වැරදි ම දේශපාලන තීන්දු දෙක වන්නේ 1980 දී මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් 1983 දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ තහනම් කිරීමත් ය.

ඒ දෙක ම කෙටි කාලීන වාසි ගැන සිතා ගන්නා ලද තීරණ බව ඇත්තකි. එහෙත් ඒ නිසා ජේ. ආර් මෙන් ම එක්සත් ජාතික පක්ෂයත් වැටුණේ දිගු කාලයකට ගොඩ එන්නට බැරි වූ මරු වළකට ය.

එවැනි උද්දච්ච තීරණ ජේ.ආර්. ගත්තේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය තමන්ගේ සාක්කුවේ ඇති බව දැනගෙන ය. ඒ වෙලාවේ ජේ.ආර්. ගේ ඔළුවට උඩින් පියාඹන්නට කපුටෙකුවත් සිටියේ නැත. ඒ නිසා තමන්ට ඕනෑ දෙයක් සිදු කොට එය ඕනෑ විදියට එය සාධාරණීකරණය කරන්නට පුළුවන් බව ජේ.ආර්. දැන සිටියේ ය.

ඒත් මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට අදාළ කොමිෂන් සභාවේ නිර්දේශ 1980 සැප්තැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ වෙලාවේ ගාමිණි දිසානායක, ආනන්ද තිස්ස ද අල්විස්, ෂෙල්ටන් රණරාජා සහ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ඇතුළු පිරිසක් ඊට එකඟ වූයේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විශේෂයෙන්ම ගාමිණි දිසානායක ඒ ගැන කොතරම් බියට පත් වුණා ද කියතොත් ඔහු ඒ තීරණාත්මක කැබිනට් රැස්වීමෙන් පසුව ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මුණ ගැසුණි.

ඒ හමුවීම නිසා ඇතිවන්නට ගිය දේශපාලන කුණාටුව අනූ නවයෙන් මගහැරුණේ එහෙම හමුවීමක් සිදු වූ බව ගාමිණි නොසඟවා පිළිගැනීම නිසා ය. ජේ.ආර් ගේ චරිතාපදානයේ කියන විදියට ගාමිණි එසේ කරන්නට හේතුව මේ මෝඩ තීරණය නිසා රටේ මහජන කෝලහාල ඇති වේ යැයි ඔහු ඇත්තට ම බිය වී සිටීමයි. ඒ නිසා ඔහුට විරුද්ධව පියවරක් නොගෙන අවවාද කිරීමකින් පසුව වැඩේ අත හරින්නට ජේ.ආර් තීරණය කළේ ය.

කොහොම නමුත් ගාමිණීලා මුලින් දැක්වූ විරෝධය ගණනකට නොගෙන පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය නැමැති ගල් රෝල පාවිච්චි කොට සිය ලොකු ම දේශපාලන විරුද්ධවාදියා වූ මැතිණිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට ජේ.ආර් සමත් වූයේ ය.

ජේ.ආර් ඒ දේශපාලන වරද කළේ අවුරුදු පනහක් පමණ දේශපාලනයේ තෙම්පරාදු වී බලය නැමැති ලිස්සන ගහේ මුදුනට ම නැගුණු පසුව බව අමතක නොකළ යුතුය.

ජේ.ආර් ගෙන් පසුව බලයට ආ කිසිම නායකයෙකු මේ දේශපාලන විරුද්ධවාදීන් ගේ “ප්‍රජා අයිතිය අහෝසි කිරීම” කියන දෙපැත්ත කැපෙන ආයුධය පාවිච්චි කරන්නට හිතුවේ නැත.

ඒ, එම ආයුධයේ එක පැත්තකින් තමන්ගේ විරුද්ධවාදියා කැපෙන අතරේ ම අනෙක් පැත්තෙන් තමනුත් කැපෙන බව ඔවුන් තේරුම් ගෙන සිටි නිසා විය යුතුය.

එහෙත් දැන් දේශපාලනයට අලුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ භයානක ආයුධය සමග සර්කස් පෙන්වීමට මාන බලමින් සිටී.

ජේ.ආර් ට හයෙන් පහ තිබුණා මෙන් ගෝඨාභයට ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබෙන බව ඇත්තකි. ඒත් ගෝඨාභය මේ වැඩේට අතගසන්නේ ඒ තුනෙන් දෙක යටකරගෙන මහා දේශපාලන සුළිකුණාටුවක් ගොඩනැගෙමින් තිබෙන වෙලාවකය.

එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව අතර මතු වී තිබෙන සීතල යුද්ධයයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ හවුල්කාර සෙසු පක්ෂ සහ පොහොට්ටුව අතර මතු වී ඇති අර්බුදයයි. තවත් පැත්තකින් ජිනීවා උගුලයි. මේ හැම දේකට ම උඩින් එදා ගෝඨාභයට සහය දුන් හැට නව ලක්ෂය අතර ගොඩ නැගී ඇති දරුණු අපේක්ෂා භංගත්වයයි.

අද පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව වෙනුවෙන් වැඩිපුර ම කතා කරන්නේ නිමල් ලංසා, ජොන්ස්ටන්, රත්තරන්, මහින්දානන්ද වැනි කුප්‍රකට චරිත තුන හතරක් පමණි. දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇති සුසිල්, ඩලස්, නිමල් සිරිපාල, අනුර යාපා, එස්. බී වැනි හුඟ දෙනෙකු දැන් ඉන්නේ නිහඬවය.

කොටින් ම මහින්ද ‍රාජපක්ෂ අගමැතිවරයා පවා සිටින්නේ ගෝඨාභයට ඕනැ දෙයක් කරගන්න දී වෙන දෙයක් බලා සිටින තැනක ය. නැවත පුද්ගලිකව මැතිවරණයකට ඉදිරිපත් වෙන්නට හෝ ආයෙත් ආණ්ඩුවක් හදන්නට මහින්දට වුවමනාවක් නැති බව දැන් පැහැදිලිය.

ඒ නිසා ගෝඨාභය මේ “ප්‍රජා අයිතිය අහෝසි කිරීම” කියන දරුණු ආයුධය අතර අරගෙන තියෙන්නේ තමන්ගේ ආණ්ඩුව ඇතුළේ ම තමන් තනිවෙමින් සිටින වෙලාවක ය.

1991 දී යාපනය කොටුව අල්ලන විට කරන්න ගිය විදියට ම සතුරා ඉදිරියේ තබාගෙන විවෘත භූමියක ගමන් කරන වැරැද්ද ගෝඨාභය කරමින් සිටින බව සරත් ෆොන්සේකා කීවේ ඒ නිසා විය යුතු ය.

ඒත් ගෝඨාභය ඒ පාඩම ඉගෙන ගන්නා බවක් තාම පෙනෙන්නට නැත.

රසික ජයකොඩි
21-02-2021

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදාපතිවරයාගේ ප්‍රමෝද්‍ය විරෝධය ජාතික කණ්ඩායම තේරීමත් අවුල් කරයි…

Next Post

අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… ආසාදිතයන්528

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.