සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද ගැටුමට මැදිවූ ඉන්දියානුවන් 17000ක් මුදා ගැනීමේ දැවැන්ත ඉන්දියානු මෙහෙයුම ක්‍රියාත්මකයි!

by editor
මාර්තු 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියා – යුක්රේන යුද ගැටුමට මැදි වූ ඉන්දියානුවන් 2,200 දෙනෙක් අද (06) පෙරවරුවේ යළි ඉන්දියාව වෙත ළඟා වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔපරේෂන් ගංගා යටතේ මෙම පිරිස මුදවාගෙන රටට රැගෙන ඒමට නියමිතය.

හංගේරියාවේ බුඩාපෙස්ට්, යානා හතරක් රුමේනියාවේ සිචාවා සහ යානා දෙකක් පෝලන්තයේ රෙෂොෆ් නගරවලින් ඉන්දියානුවන් රැගෙන පිටත් වී තිබේ.

ඔපරේෂන් ගංගා වැඩසටහන ආරම්භ කෙරුණු පෙබරවාරි 26 වැනිදා සිට මේ දක්වා ඉන්දීය ගුවන් හමුදාවට අයත් C17 යානා 7ක් ඇතුලු මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම් 43ක් ක්‍රියාත්මක කර ඇති අතර ඉන්දියානුවන් 9364 දෙනෙක් නිරුපද්‍රිතව සිය මව්බිම කරා පැමිණ ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔපරේෂන් ගංගා වැඩසටහන යටතේ ඉන්දීය රජය ගුවන් මෙහෙයුම් 80ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.   රුමේනියාව, හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබේ.

කිසිදු බාධාවකින් තොරව ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා 20 දෙනෙකුට වැඩි අමාත්‍ය කමිටුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පත් කරනු ලැබ ඇත.

මුදා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය හා සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලට ජෝතිරාදිත්‍ය සින්ඩියා, හර්දීප් සිං පූරි, කිරන් රිජිජු සහ වී.කේ. සිං යන අමාත්‍යවරුන් සිව්දෙනා පිටත් කර යවා ඇත.

ඔපරේෂන් ගංගා යටතේ හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලින් පැමිණෙන ඉන්දියානුවන් දිල්ලි සහ මුම්බායි ගුවන් තොටුපළේදී සම්බන්ධීකරණයට තවත් අමාත්‍යවරු පිරිසක් පත් කර තබේ.

ගත වූ කාලය තුළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔපරේෂන් ගංගා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, විදේශ ලේකම් හර්ෂ් ශ්‍රින්ග්ලා සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවොල් සමග ඉහළ පෙළේ සාකච්ඡා වට තුනක් පැවැත්වූයේය.

එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්, ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට්, විස්තාරා, ගෝ එයාර් යන වාණිජ ගුවන් සමාගම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා ඔපරේෂන් ගංගා සමග එක්ව ඇත.

සැලසුම් කර ඇති ගුවන් ගමන් වාර 80 මගින් ආසන්න වශයෙන් අතරමං වූ ඉන්දියානුවන් 17,000ක් පමණ යුක්රේනයෙන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේනය සිවිල් ජනතාව නගරවලින් ඉවත් කරවීම අත්හිටුවයි!

Next Post

එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ නායකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.