දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් මෙවරද යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා සමරු උත්සවයක් සංවිධානය කොට තිබේ.
සතියක් පුරා පැවැත්වෙන මෙම සමරු උළෙල නොවැම්බර් මස 21 වෙනිදා යාපනය විශ්වවිද්‍යාල භූමියේ ස්ථාපිත කොට ඇති විශේෂ ස්මාරකය අබියසදී ආරම්භ වන අතර එම සමරු සතිය නොවැම්බර් මස 27 වෙනිදා නිමා වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම සාකච්ඡාවෙන් පසුව ඊට සහභාගී වූ සියලු දෙනාම විශේෂ ස්මාරකය අබියස මල් තබා යුද්ධයෙන් මිය ගිය පිරිස සිහිපත් කරනු ලැබීය.
යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා ප්‍රකාශයට පත් කොට ඇති සතිය තුළ උතුරේ විවිධ දෙමළ දේශපාලන පක්ෂ හා සංවිධාන විසින්ද සමරු උළෙල සංවිධානය කොට තිබේ.