අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේනයේ සෙලෙන්ස්කිට ජේ.ආර්. ගෙන් ඉගන ගන්න තිබුණා – රනිල් වික්‍රමසිංහ

පරිනත දේශපාලකයෙක් සහ නළුවෙක් අතර ඇති වෙනස යුක්රේනයේ සිදුවන විනාශයෙන් පෙනෙනවා...

by editor
මාර්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මේවන විට ඇතිව තිබෙන ගෝලීය මෙන්ම දේශීය දේශපාලන තත්ත්වය පිළිබඳ හිටපු අග්‍රමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  සමඟ නිව්ස් ෆස්ටි නාලිකාව විශේෂ සංවාදයක් කළේය. දේශපාලනිකව ගැටුමක් දෙස බලන ආකාරය සම්බන්ධ යම් මානයක් හෙළි කරන එම  සංවාදය මෙලෙස සංස්කරණය කර පල කරමු.   

ප්‍රශ්නය  : මොකක්ද ඇත්තටම දැන් සිද්ධ වෙලා තියෙන්නේ?

පිළිතුර : ඇත්තටම මේක රටවල් දෙකක් අතරේ සිද්ධ වෙන යුද්ධයක් නෙමෙයි. මෙතන තියෙන්නේ බටහිරයි රුසියාවයි අතර තිබෙන ගැටුමක්. ඒ ගැටමට හිරවෙලා තියෙන්නේ යුක්රේනය යි.

යුක්රේනය කියන්නේ පරණ සෝවියට් දේශයේ කොටසක්. සෝවියට් දේශය කඩා වැටුනට පස්සේ බෙලරුස් සහ යුක්රේන ප්‍රදේශ දෙක නිදහස ප්‍රකාශ කළා. මේක ඇත්තටම තිබුණ රටකින් කඩාගෙන ගිය කණ්ඩායම් දෙකක්.

කොහොම වුනත් ලෝකයේ සහ රුසියාවෙත් යුක්රේනය පිළිගෙන තිබෙනවා. දැන් මෙතන සිදුවෙලා තියෙන්නේ ඇමරිකාව බලන්නේ කෙතරම් දුරට යුක්රේනය නේටෝ සංවිධානයට අරගන්න පුළුවන්ද කියන කාරණයයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ ගැන ඉස්සෙලාම  ඔබාමා ජනාධිපතිවරයාත්, ට්‍රම්ප් ජනාධිපතිවරයාත් යුක්රේනය නේටෝ එකට ගේනවා කියලා වචන වලින් කිව්වාට ක්‍රියාවෙන් කෙරුවේ නැහැ. ඒත් බයිඩන් ජනාධිපතිවරයා ඊට වෙනස්ව ගිහින් චීනයයි රුසියාවයි එක්ක හැප්පෙන්න වුවමනා නිසා මේ දේවල් සිදුවුනා.

මෙහිදී යුක්රේනයට රුසියාව එක්ක කතාකරන්න තරම් අවස්තාව ලැබුනේ නැහැ. මෙහිදි නේටෝ එකටත් බඳවා ගන්නේ නැහැ. අනික් අතට රුසියාව එක්ක කතාකරන්න අවස්ථාව තිබුනෙත් නැහැ.

ඒ අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයා යුක්රේනය ආක්‍රමණය කළා. ඇත්තටම ඒක අක්‍රමණයක්. එහෙම නැතිව වෙනත් එකක් නෙමෙයි. ආක්‍රමණය කළේ මේ සිද්ධිය නිසයි. දැන් එතන සටන් සිදුවෙනවා. අන්න ඒකයි මෙත තිබෙන පසුබිම.

ප්‍රශ්නය: ඇයි ඇමරිකාවට අවශ්‍යතාව මතුවෙලා තිබුනේ යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය ලබාදෙන්න.?

පිළිතුර : ඉස්සරවෙලාම බැලුවේ සාමාජිකත්වය ලබාදෙන්න. ඒත් අනික් ජනාධිපතිවරුන් දෙදෙනා තීරණය කළේ සමාජිකත්වය ලබා නොදෙන්න. බයිඩන් ජනාධිපතිවරයාත් නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබාදෙන්නේ නැති වුනාට යුක්රේනයට ශක්තිය දුන්නා රුසියාවට විරුද්ධ වෙන්න.

ඒ හිතුවේ එහෙම වුනාම රුසියාවටයි චීනයටයි  මේ අලුත් තත්ත්වය පසු බැස්මක් වෙයි කියලයි. ඒත් ඒ වෙනුවට පුටින් ජනාධිපතිවරයා කළේ කවුරුවත් හිතුවේ නැති දෙයක්. ඔහු කෙලින්ම ගිහින් යුක්රේනය ආක්‍රමණය කළා.

මේකට තවත් පසුබිමක් තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුලු අනෙක් රටවල් කීපයක් රුසියාවටයි චීනයටයි විරුද්ධව එකතු වුනාම ශීත ඔලිම්පික් කාලයේදී රුසියාවේ ජනාධිපතිවරයයි චීනයේ ජනාධිපතිවරයයි එකඟ වුනා සීමා නැති කොන්දේසි නැති මිත්‍රත්වයකට.

මේකේ තමන්ට හානි වෙන ඒවා නවත්වන්නත් එකඟවෙලා තිබෙනවා.

ප්‍රශ්නය : මේක ඇමරිකාවේ දේශපාලනික උපාය මාර්ගයක්ද?

පිළිතුර : මේක බැලුවේ උපාය මාර්ගයක් කරගන්න. එහෙම උපායමාර්ගයක් කරගෙන සාර්ථක වුනා නම් ඇත්ත වශයෙන්ම නොවැම්බර් මාසයේ කොන්ග්‍රස් මැතිවරණයේදී බයිඩන් ජනාධිපතිවරයාට යම් වාසියක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුනා.

දැනටමත් බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් අග්‍රමාත්‍යවරයාට වාසියක් තිබෙනවා. මේක ආරම්භ වෙන්න ඉස්සෙල්ලා එයා කොරෝන නීති උල්ලංඝණය කරමින් පාටි දාපු එක ගැන එයාගේ පක්ෂයෙන්ම ආපු විරෝධය දැනට නැතිවෙලා තිබෙනවා.

දැනට කෙටිකාලීන වාසියක් ලැබිලා තිබෙනවා. ඒත් ඒක දීර්ඝ කාලීන එකක් වෙයිද කියලා තීරණය වෙන්නේ මේ යුද්ධයෙන් පසුවයි. මේ හැමදේම ඇතුලේ තිබෙනවා අභ්‍යන්තර දේශපාලනය.

ප්‍රශ්නය : ඔබ හිතන්නේ රුසියානු ජනාධිපතිවරයා ඉක්මන් වුනා වැඩී කියලාද?

පිළිතුර : නැහැ. මම හිතන්නේ නැහැ. මගේ අදහස නම් එයා ආක්‍රමණය නොකරන්න තිබුණා. ඒත් අපි බැලුවෙත් උපක්‍රමයක් හැටියට එයා එතෙන්ට ගිය එක හරි. මගේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි. ඒත් අපි බලනවා නම් ඒ දේශපාලන හමුදා උපක්‍රමයක් හැටියට වුන දෙයක්.

මෙහිදී අපි බලන්න වුවමනායි කළු මුහුදේ සම්පූර්ණ මුහුදු වෙරළ රුසියාව අල්ලගෙනයි යන්නේ. සම්පූර්ණ කර්මාන්ත තිබෙන්නේ ඒ පැත්තේ. ඒවගේම න්‍යෂ්ටික බලාගාර අල්ලගෙන තිබෙනවා.

ප්‍රශ්නය : බටහිර හිතපු නැති දෙයක්නෙ වුනේ. දැන් මේකේ ප්‍රතිඵලය මොකක්ද?

පිළිතුර : බටහිර හිතපු නැති නිසා එයාල ලෑස්ති වෙලා හිටියා ආර්ථික සම්බාධක දාන්න. ඒවා දාලායි තියෙන්නේ. රුසියාව කොහොමත් මේක මාසයක් දෙකක් ගෙනියන්න ලෑස්තිවෙලා තියෙන්න ඇත.  චීනයෙන් මුදල් ලැබෙනවා.

රුසියාවට සම්බාධක දැම්මාම  යුරෝපයට ගෑස් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය යවන්නෙත් රුසියාවෙන්. ඒ නිසාම රටවල් ගණනාවකට පොහොර හිඟවීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා.

මේවන විටත් ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙන්නේ. දෙපැත්තටම ප්‍රශ්න එනවා. ඒත් වැඩියෙන්ම ප්‍රශ්න එන්නේ රුසියාවටයි.ඒත් විශේෂයෙන්ම බටහිරට  කොරෝනාවලින් පසු ඇතිවෙන ආර්ථික සංවර්ධනය කඩා වැටීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා.

දැනටම චීනය කියලා තියෙනවා එයාලගේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5.5ක් පමණ දක්වා අඩුවීමට ඉඩ පවතින බවට.

ප්‍රශ්නය : යුක්‍රේන ජනාධිපතිවරයා තනි වුනාද?

පිළිතුර : යුක්‍රේන ජනාධිපතිවරයාට මොළය පාවිච්චි කරලා වැඩකරන්න තිබුණා. ජනාධිපතිවරයෙකුගේ පළමු වගකීම වන්නේ තමන්ගේ දේශය ආරක්ෂා කිරීමයි. තමන්ගේ දේශය ආරක්ෂා කරන්නේ නැතිවයි එයා ක්‍රියා කළේ.

එයාට තිබුණා රුසියාවට ගිහින් කථා කරලා මේ ගැන එකඟත්වයකට එන්න. ඊට පස්සේ රුසියාව අත්පත්කරගෙන තිබුණ ප්‍රදේශ ලබාගන්නත් එයාට හැකියාව තිබුණා. මම හිතන්නේ එයා දිරච්ච ලණුවක් තමයි කෑවේ.

එයා හිතුවා මේකෙන් එයාට වීරයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම එයාට ඉගෙන ගන්න වුවමනාව තිබුණා නම් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1987දී කටයුතු කළ ආකාරය අධ්‍යනය කරන්න තිබුණා.

ජයවර්ධන මහතා කළේ ඉන්දියාව අපිත් එක්ක හැප්පෙන්න එනකොට ඉන්දියාව මිත්‍රයෙක් කරගෙන ඉන්දියාව එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධව යුද්ධයකට දැමීමයි. ඒකයි දේශපාලන පළපුරුද්දයි රඟපෑමයි අතර තිබෙන වෙනස.

ජේ.ආර්.ජයවර්ධන සහ රජීව් ගාන්ධි – 1987

ප්‍රශ්නය : ඔහු කළබල වුනානේද? 

පිළිතුර : ඇත්තටම එයා ගිය අවුරද්දෙත් එයාගේ විරුද්ධවාදීන් කීපදෙනෙකුම අත් අඩංගුවට ගත්තා. මම හිතන්නෙ එක මාධ්‍ය ආයතනයක් වහලා දැම්මා.

ප්‍රශ්නය : යුක්‍රේන ජනාධිපතිවරා   ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඔහුත් එක්ක ඉදී කියලා දැඩිව විශ්වාස කළා ඒත් එහෙම එක්ක වුනේ නැහැ නේද?

පිළිතුර : එයා දැගෙන ගෙන ඉන්න තිබුනා. අපි ඔක්කෝමත් දැනගත්තා බටහිර එන්නේ නැහැ කියලා. බටහිර කිසිම වෙලාවක යුක්‍රේනයට නේටෝ සහය දෙනවා කියලා කිව්වේ නැහැ.

දැන් එයා බටහිරටත් බනිනවා. ඇත්තටම එයා එකම කතාවේ රුසියාවටයි බටහිරටයි දෙකට බනිනවා.

ප්‍රශ්නය : අපිට නේටෝ සහය දෙන්නේ නැත්තම් අඩුම ගානේ අපිව ආරක්ෂා කරගන්න කියලත් ඔහු කියනවා.

යුක්රේන ජනාධිපති වැලොඩොමීර් සෙලෙන්ස්කි.

පිළිතුර : ඒගොල්ලො කියන්න ඇති. ඒත් ඒක හරියන්නේ නැහැනේ. බටහිර යුද්දෙට යන්නේ නැහැ. ඕක දැනගෙන පුටින් එක්ක කතා කරන්නයි තිබුනේ. මේක දැන් මුලු ලෝකයට ප්‍රශ්නයක් ඇති කරලයි තිබෙන්නේ. ගැටුම ඒදෙන්නා අතර නම් මට කමක් නැහැ. ඒත් ඒක මුලු ලෝකයටම බලපාලා තිබෙනවා. මේකේ බලපෑම අපි ඔක්කෝටම එනවා නේ.

ප්‍රශ්නය : රුසියානු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන කම් මේක නවත්වන්නේ නැති වෙයි කියලද ඔබ හිතන්නේ?

පිළිතුර : රුසියානු ජනාධිපතිවරයා ආක්‍රමණය සම්පූර්ණ වෙනකම් මේක නවත්වයි කියලා මම හිතන්නේ නැහැ.

අපි රුසියානු හමුදාව ගැනත් හිතන්න ඕනේ. මේ රුසියානු හමුදාව තමයි දෙවන ලෝක යුද්දෙදී සම්පූර්ණයෙන්ම ජර්මනියේ හමුදා විනාශ කළේ. ඔවුන් මොස්කව් වලින් පටන්ගෙන බර්ලින් නුවරට ගිහින් හිට්ලර්ව වටකලා. අවසානයේ හිට්ලර් දිවි නසාගත්තා.

මේ හමුදාව විශේෂයෙන් පුහුණු වෙලා තියෙන්නේ. ඒ හුමුදාව අනෙක් හමුදාවන්ට වඩා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා ජයගන්න සුදානම්.

ප්‍රශ්නය : සමහරු හිතුවා රුසියාව මෙහෙම ආක්‍රමණය කරද්දි යුක්රේනය තනිවෙන්න නොදී බටහිර රටවල් මේ ආක්‍රමණය එරෙහිව සටන් පෙරමුණට එයි කියලා. ඇයි එහෙම අවේ නැත්තේ?

පිළිතුර : බටහිර රටවල් යුක්රේනය ආරක්ෂා කිරීමට සටන් පෙරමුණට යන්නේ නැහැ. අනික  ඇමරිකාවේ ජනමතය සටන් පෙරමුණට එන්න දෙන්නේ නැහැ. සමහරු හිතුවා රුසියාව යුක්රේනය අල්ලගන්නවා වගේම චීනය තායිවානය අල්ලගනී කියලා. එහිදී මේ දෙකටම යන්න ඇමරිකාවට ශක්තියක් නැහැ.

මොකද ඇමරිකාව යුක්රේනය වෙනුවෙන් ගහන්න ගියොත් චීනය ගිහින් තායිවානය අල්ලනවා. අනික් කාරණය තමයි ප්‍රංශය නේටෝ රටවල්වලින් පිටතට ගිහින් සටන් කරන්න කැමැති නැහැ.

ප්‍රශ්නය : දැනුත් ඔහු ප්‍රමාද නැද්ද?

පිළිතුර : දැන් එයාට එකඟ වෙනවා නම් එකඟ වෙන් තියෙන් රුසියාවේ කොන්දේසි වලට.

ප්‍රශ්නය : කොහොමද ලෝකයේ එක කෙරවලක සිදුවන මේ අර්බුදය අපි වගේ රටකට බලපාන්නේ?

පිළිතුර : එකක් තමයි ආසියාවේ අපි මේකට සම්බන්ධ වෙන්න වුවමනාවක් නැහැ. මේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අනික යුක්රේනය නිකම් ඉද්දි රුසියාව ගිහින් ගැහුවා නම් අපි ඇත්ත වශයෙන්ම ඒකට විරුද්ධ වෙන්න ඕනේ.

ඒත් මේක ලෝක බල අරගලයේ කොටසක්. අනික මේක වලක්වාගන්න හැකියාවක් තිබුණා. ඒක කළේ නැහැ. ආසියාව සාමාන්‍ය වශයෙන් නිශ්ශබ්දයයි.  මෙහිදී රටවල් ගණනාවක් පැති අරගෙන නැහැ.

සමහර රටවල් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ තිබුණ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. ඒත් ඒක එච්චර දෙයක් නෙමෙයි. කාටවත් ඒක බලපාන්නෙත් නැහැ. ඊට වඩා රුසියාවට විරුද්ධව දෙයක් කරලා නැහැ.

ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංගලා දේශය වගේ රටවල් ඒවාට සම්බන්ධ වුනෙත් නැහැ. ඒ වගේම කිසිම පැත්තක් ගන්නේ නැතිව නිශ්ශබ්දව ඉන්නවා.

ප්‍රශ්නය : පාකිස්ථාන අග්‍රමාත්‍යවරයා සාකච්ඡා කළා නේද?

පිළිතුර : ඔව් එයා ගියා. ඊට පස්සේ ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා ගියා. ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා කියන්නේ යුක්‍රේන ජනාධිපතිවරයා කිව්ව නිසා ගියා කියලයි. ඒත් ඊශ්‍රායල අග්‍රාමත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිවරයා කිව්වා කියලා යන්නේ නැහැ. එයා යන්නේ එක ජනාධිපතිවරයෙක් කිව්වා නම් විතරයි.

ඒ තමයි ඇමරිකාවේ ජනාධිපති. යුක්රේනය කියලා ප්‍රසිද්ධියේ කිව්වාට ඇමරිකාවෙන් පණිවුඩයක් පුටින් වෙත ගෙනියන්න ඇති.

ප්‍රශ්නය : ඒක මොන වගේ පණිවුඩයක් වෙන්න ඇතිද?

පිළිතුර : යුදේදෙට යන්නේ නැතිව කටයුතු කරන්නේ වගේ දේවල් වෙන්න ඇති.

ප්‍රශ්නය : එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දය එතරම් වැදගත් නැහැ කියලා ඔබ කිව්වා. ඇයි ඒ?

පිළිතුර : එකෙන් කියන්නේ වහාම යුක්රේනය ආක්‍රමණය කරන එක නවත්වන්න කියලානේ. එකෙන් රුසියාවට බලපෑමක් වුනේ නැහැ. මම දැක්කා සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා බයිඩන් ජනාධිපතිවරයාට කියලා තියෙනවා බම්බු ගහන්න කියලා.

එයාට බලපෑම් කරන්න හැදුවලු තෙල් නිෂ්පාදනය වැඩි කරන්න කියලා. එතකොට තෙල් මිල වැඩිවෙන එක නවත්වන්න පුළුවන්නේ. ඒත් එයා කිව්වාලු නිෂ්පාදනය වැඩිකරන්නේ නැහැ මගේ ලාභය වැඩිකරගන්නයි ඕනේ කියලා.

එතනදි ඇමරිකාව කිව්වාම මෙයා කිව්වාලු ගිහින් බම්බු ගහන්න කියලා. එතන් ප්‍රශ්න තිබෙනවා. හිතුව විදිහට යන්නෙ නැහැ. ඉතින් තෙල් නිෂ්පාදනය වැඩිකරන්නේ නැත්නම් ඒකත් රුසියාවට දෙන සහයෝගයක්.

ප්‍රශ්නය : ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඒක ඔබ කොහොමද දකින්නේ?

පිළිතුර : මම හිතන්නේ ඒක හොඳයි. දැන් බටහිරට වෙලා තියෙන්නේ ආසියාව මේකට තැනක් ගන්නේ නැහැ. අසියාව ගන්නේ නැති නිසා වගේම අප්‍රිකානු සංගමයක් තැනක් අරගෙන නැහැ. එයාල රුසියාවේ නම කියන්නේ නැතිව රටවල් ආක්‍රමණය කරන්න ඕනේ නැහැ කියලා විතරක් කියලා තිබෙනවා.

මම හිතන්නේ 1989න් පස්සේ පළමු වතාවට බටහිර කොන්වෙලා තිබෙනවා. ආසියාවේ බලය දැන් ටිකෙන් ටික වැඩිවෙනවා. දැන් අපි බැලුවොත් රුසියාවේ යුරෝපීය වාහන හදන්නේ. ඒ අය ඉවත්වුනා. රුසියාව   ආයෙ එන්න දෙන්න පුළුවන්. නැත්තම් කියයි චීනයේ, ඉන්දියාවේ, මැලේසියාවේ වාහන හදන අයට මේව අරගෙන කරන්න කියලා.

ප්‍රශ්නය : මේ බටහිර දේශපාලනික වශයෙන් පරාජය වීමක්ද?

පිළිතුර : මේක මේ අයගේ වාසියට අවසානයක් වෙනවා නම් ඒක බටහිර පරාජයක් වෙයි. එහිදී කීව් නගරය වටලන්න පුළුවන්නම් ඒක පසු බෑමක් වෙනවා. ඒක ප්‍රංශය එහෙම දැනගෙන ඉන්නවා. එකයි ප්‍රංශ ජනාධිපතිතුමා බයිඩන් ජනාධිපතිට පුටින් ජනාධිපති යන සියලුම දෙනාට කතා කළේ.

ප්‍රශ්නය : ලෝක බල තුලනයට එක කොයි විදිහටද බලපාන්නේ?

පිළිතුර : බලය අඩුවෙයි. ඒ වගේම ඇත්තටම රුසියාවේ ආර්ථිකයත් කඩාගෙන වැටෙන්න යනවා. ඒත් 1998ත් කඩා වැටුණා. ඒත් මැදපෙරදිග සල්ලියි චීන සල්ලියි තිබෙනවා නම් එවා අල්ලගෙන ඉදිරියට එන්න බලයි.

මීට ඉස්සෙල්ලත් එයාලා වැටුණ නිසා එයාලට පුරුද්දක් තිබෙනවා. ඒකේ මූලික කාරණා තිබෙන්නේ තෙල් සහ  ගෑස්. ඒ වගේම අනික් සම්පත් ගණනාවක් ඔවුන්ට තිබෙනවා.

ඒ වගේම එයාලා ආහාර නිෂ්පාදනය කරනවා. ඒවා ලෝකයට විකුණන්න ඕනේ.

ප්‍රශ්නය : මෙතනදි චීනයේ ස්ථාවරය වැදගත්ද?

පිළිතුර : චීනය ඉන්නේ රුසියාව පිටිපස්සේ. ඒත් වැදගත් මේ ගිවිසුමේ කියලා තියෙනවා නේ සීමාවක් නැති මිත්‍රත්වයක් කියලා.

ප්‍රශ්නය : ඒ කියන්නේ ඔවුන්ගේ මහා ශක්තිය චීනයද?

පිළිතුර : චීනයත් ශක්තියක්. ඉන්දියාවත් ශක්තියක්. මැදපෙරදිගත් ශක්තියක්. මුලු ආසියාවේම නිශ්ශබ්දතාවය ශක්තියක්. ආර්ථික වශයෙන් චීනය තමයි විශාලතම ශක්තිය. ඉන්දියාව වගේම මැදපෙරදිගත් ඉන්නවා.

ප්‍රශ්නය : ඉන්දියා රුසියා පාර්ශවයේද?

පිළිතුර : 1970 ඉඳන් එයාලා එක්ක ගිවිසුමක් තිබුණා. බංගලාදේශයේ සම්බන්ධයෙන් පාකිස්ථානය එක්ක යුද්ධයට යන්න වෙන්නේ නැහැ රුසියාව හිටියේ නැත්තම්. ඉන්දීය හමුදාවේ අවි ආයුධ වලින් සියයට 60ක් විතර රුසියානු ආයුධ තිබෙන්නේ.

ප්‍රශ්නය : අපේ ආර්ථිකය සෑහෙන්න වැටිලා ඉන්නේ. මේක අපේ ආර්ථිකයට යම් කිසි විදිහකට බලපෑමක් වෙනවාද?

පිළිතුර : අපේ ආර්ථිකය වැටිලා තියෙන්නේ අපේම ප්‍රශ්න නිසා. මේ යුද්ධය බලපාන්නේ කෙටි කාලයකට. මේ යුද්ධය ඉවර වුනාම සාමන්‍ය තත්ත්වයකට එනවා. ඉතින් මේක ඉවරවෙලා මාස තුනකින් අපි නැගලාට එන්නේ නැහැ.

මෙතන වෙලා තියෙන්නේ උණ ගැනිලා හැම ලෙඩක්ම තියෙන ලෙඩාට හදිස්සියේ බඩගියා වගේ දෙයක්. බඩ යන එක් හදාගන්න පුළුවන් දවසකින් දෙකකින්. ඒත් ඒක නිසා උණ නැතිවෙන්නේ නැහැනේ.

ප්‍රශ්නය : මේ වෙලාවේ තෙල් මිල වැඩිවෙනවා. දැනටත් තෙල් හිඟයි. ඒ නිසා මේක මිනිස්සුන්ට තව වැඩිපුර දැනෙන්න පුළුවන් නේද?

පිළිතුර : තෙල් හිඟය තියෙන්නේ අපිට ඩොලර් නැති නිසයි. 2017ත් 2018ත් තෙල් මිල වැඩි වුනාම අපි ඒක මූහුණ දුන්නා. ඒක දරාගත්තා. ඒත් දැන් තියෙන්නෙ ඩොලර් නැති තත්ත්වයක්.

අනිත් රටවල් 2021දී කොරෝනා නිසා තෙල් මිල අඩු වුනා. ඒ වාසිය ජනතාවට ලබාදුන්නා. දැන් එයාලට තෙල් මිල වැඩිවෙන එක දරාගන්න පුළුවන්. අපි ඒ වාසිය ජනතාවට දුන්නේ නැහැ.

ඉස්සෙල්ලා තෙල් මිල අඩුවීමේ වාසිය දුන්නේ නැහැ දැන්. තෙලුත් දෙන්නේ නැහැ.

ප්‍රශ්නය : අපිට ඇමරිකවේ සහ අවශ්‍යයි, චීනයේ සහය අවශ්‍යයි, මේ පවතින තත්ත්ව යම් කිසි විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද?

පිළිතුර : ඒ රටවල් කියන්නේ අපේ ආර්ථික සැලැස්ම දෙන්න. එයි එම් එෆ් එකට ගිහින් ඒ වැඩකටයුතු කරන්න. එවිට බලාපොරත්තු වෙනවා අපිට ආධාර උපකාර කරයි කියලා.

අපි ඒක කරන්නේ නැත්තම් අපිට මේකෙන් ගොඩ එන්න බැහැ. මෙතන වෙලා තියෙන්නේ බඩු මිල වැඩිවීම. රටේ ඩොලර් තිබුණා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බඩු මිල වැඩිවිම කුස්සියේ අයවැයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් ඒක  රටේ අයවැයටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

දැන් ඩොලර් නැති එකයි තියෙන්නේ. හෙට යුද්ධය නැවතුනත් අපිට ඩොලර් නැහැනේ.

ප්‍රශ්නය : අපිටත් යුක්‍රේනයට ඇති වුන ඉරණම ඇතිවීමේ අවාදනමක් තිබෙනවාද?

පිළිතුර : එහෙම එකක් නැහැ අපිට. අපි ඉන්දියාව එක්ක හොඳට යන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ඉන්දියාව එක්ක කොහොමද යන්නේ කියලා. ඉන්දියාව මේ සැරේ අපිට උදව් දුන්න එක ලොකු දෙයක්.

අපි ගිහින් ජපානය තහරහා කරගත්තා. චීනය තරහා කරගත්තා. ඉතින් කොහොමද අපි මේක ගෙනියනනේ.

 

ප්‍රශ්නය : අපිත් කාලයක නොබැදි ප්‍රතිපත්තිය පැත්තක තියලා යුක්රේනයවගේ රටවල් පස්සේ ගියානේ. ඉතින් අපිත් ඔයවගේ තත්ත්වයකට වැටෙයිද?

පිළිතුර : අපි දැනගන්න ඕනේ ඉන්දියාව එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගන්න. එක් ඊයේ පෙරේදා වුන එකක් නෙමෙයි නේ. අපි කාවවත් තරහා කරගන්නේ නැතිව යන්න ඕනේ. ඉස්සර ඉන්දියාවයි ඇමරිකාවයි අතර ප්‍රශ්න තිබ්බා. ඒත් අපි ඉන්දියාවට ප්‍රශ්නයක් නොවන විදිහට ඇමරිකාවෙන් උදව් ගත්තා.

අපි චීනයෙන් උදව් ගතයුතුයි. ඒත් ඒ උදව් ආර්ථික උදව් වියයුතුයි. අර ඉන්දියාවේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන විදිහට කටයුතු කළයුතුයි. අපි චීනයට ගිහින් හිඟා කාලා චීන පොහොර නැව ආවාම යන්න කියනවා. ඒ නිසා මෙතන හොඳම එක කට වහගෙන ඉන්න එක.

නැත්තම් අපි රුසියාවයි ඇමරිකාවයි දෙකම තරහා කරනගන්නවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලිය කප්පාදුව පැය 03යි විනාඩි 45කට අඩු වේ!

Next Post

ජනපති හමුවෙන් පසු ශ්‍රීලනිපය සතුටින්… ආණ්ඩුවෙන් ඉවත්වන අදහස අත්හිටුවයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.