දිනසේන රතුගමගේ –
යාපනය හා රත්මලාන ගුවන් තොටුපලවලින් විදේශ ගතවන මගීන්ගෙන් ගුවන් තොටුපල බද්ද වශයෙන් අයකරණු ලබන ඩොලර් හැටක මුදල සියයට පනහකින් අඩු කිරීමට තීරණය කොට තිබේ.
මෙම ගුවන් තොටුපල බද්ද හරි අඩකින් අය කිරීමේ තීරණය මගීන්ට මේ සතියේදී දැනුම් දීමට නියමිතය.
කෙසේ වෙතත් නව තීරණයට අනුව රත්මලාන හා යාපනය ගුවන් තොටුපලවලින් විදෙස් ගත වන්නන් ගුවන් තොටුපල බද්ද වශයෙන් ගෙවිය යුතු වන්නේ ඩොලර් තිහක මුදලක් පමණි.
ඒ සදහා වූ ගැසට් පත්‍රය මේ වන විටත් නිකුත් කොට තිබේ.







