කීර්ති ප්‍රනාන්දු –
උසස්පෙළ විභාගය පවත්වන වකවානුවේ දී අඛණ්ඩ විදුලිය සැපයිය නොහැක්කේ රුපියල් බිලියන 04 ක් සොයා ගැනීමට නොහැකි වීම නිසා බව විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් පවසනු ලැබුව ද මාස තුන ඉක්මවූ එකතු කර නොගත් විදුලි බිල්පත්වල වටිනාකම පමණක් රුපියල් බිලියන 04ක් බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත ලංකාසරට පැවසීය.
රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය සහ සාමාන්‍ය පාරිභෝගික ජනතාවගෙන් විදුලිබල මණ්ඩලයට අය විය යුතු බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 44ක් ඉක්මවන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ රතර බොල් ණය ලෙස රුපියල් බිලියන 2.2ක් කපා හැර ඇතැයිද ඔහු කීවේය.
මේ තත්ත්වයට හේතුව විදුලිබල මණ්ඩලය විදුලි ඉංජිනේරුවරුන්ගේ ඒකාධිකාරියක් යටතේ පාලනය වීම න්සා ඔවුන් ඉංජිනේරුමය දෘෂ්ටියකින් සමස්ථය දෙස බැලීමේ දී අලෙවිකරණය සහ වාණිජ අංශවල බරපතල පසුබෑමක් නිර්මාණය වී තිබීම බවත් තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පෙන්වා දුන්නේය.
“අවසානයේ දී උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අඩු වුනේ විනාඩි 20ක් විතරයි. මේ තත්ත්වයට දේශපාලකයින් පමණක් නොවෙයි, විදුලිබල මණ්ඩලයේ පරිපාලන ව්‍යුහයේ පවතින බරපතල පරිපාලන අර්බුදයත් එක හා සමානව වග කිව යුතුයි.“
ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත කීවේය.