සුපිරි ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක එල්.කේ. රාහුල් අද විවාහ දිවියට ඇතුළතු වුනේය. ඔහුගේ සහකාරිය වූයේ භාරතයේ සුපරි නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වූ අතියා ෂෙට්ටිය.
අද ඛන්ඩලා හි ෂෙට්ටි නිවසේ පැවති ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප මේ නව යුවල සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණේය. නව යුවල අතිනත ගත්තේ ඉතා පෞද්ගලික උත්සවයකදීය.
අමුත්තන් ඉතා සමීපතම පවුලේ අයට සහ මිතුරන්ට සීමා වි තිබිණි. ඔවුන් අතර ක්‍රිෂ්ණා ශ්‍රොෆ්, ඩයනා පෙන්ටි, අනුෂ්කා රන්ජන් යුවල, ආදිත්‍ය සීල් සහ අන්ෂුලා කපූර් විය.
ක්‍රිකට් ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා, බිරිඳ ප්‍රතිමා සහ වරුන් ආරොන් ද ඊට සහභාගි වූහ.
සමාජ මධ්‍ය ඔස්සේ බෙදා ගත් ඔවුන්ගේ මංගල ඡායාරූපය අපූරු තේමාවකට ගොනු කර තිබිණි. “ඔබේ ආලෝකය තුළ, මම ආදරය කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නෙමි.”
අනතුරුව නව යුවල මෙසේ ලියා තිබුනහ.
“අද, අපගේ වඩාත්ම ආදරණීයයන් සමඟ, අපට ඉමහත් ප්‍රීතියක් සහ ශාන්තියක් ලබා දුන් නිවසේ දී අපි විවාහ වුණා. කෘතඥතාවයෙන් හා ආදරයෙන් පිරුණු හදවතකින්, අපි අපේ අනාගත ගමන සඳහා ඔබේ ආශිර්වාදය පතමු.