දිනසේන රතුගමගේ:
යාපනය නගරයේ ඉදිකොට ඇති දෙමළ පඩිවරුන් කවීයන් ඇතුලු විවිධ අසහාය පුද්ගලයින්ගේ පිළිරුව වලද දෙමළ දේශපාලනඥයෝ පෝස්ටර් අලවා තිබීම පිළිබදව ජනතාවගේ විරෝධය පල වී තිබේ.
දෙමළ සාහිත්‍යයට විශාල සේවාවක් සිදු කළ භාරතී කවියාගේ පිළිරුව පුරාද පෝස්ටර් අලවා තිබේ.
පසුගිය සතියේ යාපනයේ ප්‍රධාන මාර්ග පුරාද උතුරේ දෙමළ දේශපාලනඥයෝ තීන්ත වලින් ඔවුන්ගේ සලකුණු හා අංක අදිමින් මාර්ග විනාශ කොට තිබුණි.
පොලීසිය ඒවා කලුතෙල් යොදා මකා දැමූ අතර අලුතෙන් අලවන ලද පෝස්ටර්ද ගලවා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.