දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය ඉංජිනේරු පීඨයේ ඉදිකොට තිබු බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් ප්‍රහාර එල්ල කිරීමේදී එහි ප්‍රධාන බුදු පිළිමයටද හානි සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කිළිනොච්චිය පොලීසිය අද 17 දා පැවසීය.
මෙම බුදු මැදුරට 15 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබූ අතර සැකකරුවන් හඳුනා ගැනීමට අවශ්‍ය බැවින් පොලීසිය එම ප්‍රදේශයට කිසිවෙකුටත් ඇතුළුවීමට අවසර ලබා දී නොතිබුනි.
පොලීසිය ආරම්භ කළ පරීක්ෂණවලදී ප්‍රධාන බුදු පිළිමයට හානි සිදුවන ආකාරයට ප්‍රහාර එල්ල කොට ඇති බව හෙළි වී තිබේ.
කිළිනොච්චිය මණ්ඩපයේ බුදු මැදුරට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකොට තිබූ යුද ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමගිනි.
කිළිනොච්චිය මණ්ඩපයේ බුදු පිළිමයට ප්‍රහාරයක් එල්ල වීම යාපනයේ හින්දු කෝවිලකට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී මහනුවර දළදා මාළිගයට ප්‍රහාරයක් එල්ල වීම හා සමාන යැයි යාපනය විශ්ව විද්‍යාලයට සම්බන්ධ උතුරේ වෙබ් අඩවියක 17 දා සඳහන් වී තිබේ.