අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශඛ්‍යතා වාර්තා තබා කොන්ත්‍රාත් කරුවත් තෝරා නොගෙන කුඹුක්කන් ඔය ව්‍යාපෘතියට කෝටි 10ක් වියදම් කරලා.. 

යහපාලනය සංවර්ධන ව්‍යාපෘති කළ හැටි විගණනය හෙළි කරයි...

by editor
ජනවාරි 17, 2021
in පුවත්
කුඹුක්කන්ඔය ව්‍යාපෘති ආකෘතිය හිටපු ජනාධිපති විසින් නිරීක්ෂණය කළ අවස්ථාව
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • රුපියල් කෝටියක හඳුනා නොගත් වියදමක්…
  • ඇමති කැමති කොන්ත්‍රාත් කරුට කොන්ත්‍රාත්තුව ලබා දෙන්න ලියුම් ලියලා
  • කිසිම ඇගයුම් වාර්තාවක් නැතිව කොන්ත්‍රාත්කරුවත් තෝරා නොගෙන  දෙකෝටි දස ලක්ෂයක් වියදම් කර සමාරම්භක උත්සව තියලා..

කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ  මුලික කටයුතු පවා සිදුනොකර  2019 නොවැම්බර් මස 30 වැනිදින වනවිට  රුපියල් මිලියන 108ක වියදමක් පලදායි නොවන හා අවිධිමත්  අයුරින් වියදම් කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබු විගණනයක දී අනාවරණය වි ඇත.

ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරීමට අදාල කොන්ත්‍රාත්කරු තොරා ගැනීමටත්  ප්‍රථම 2017 වර්ෂයේ ජනවාරි 27 වැනිදින මෙහි සමාරම්භක උත්සවය පවත්වා තිබු අතර  ඒ සඳහා රුපියල් දෙකෝටි දස ලක්ෂ හතලිස් දහස් හයසි නවයක් (21,040,609) මුදලක් වැයකොට ඇති බවද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරනු ලැබු විගණනයේ දී අනාවරණය වීඇත. සමාරම්භක උත්සවයට කළුගලින් ඉදිකරණු ලැබු  සමරුඵලක සකස් කිරිම සදහා එකොළොස් ලක්ෂ විසි දහස් දෙසීය පහළොවක්   (11,20, 215) ගෙවා තිබු  අතර එම ව්‍යාපෘතියට අදාල නොවන  කොලැල්ලාවත්ත  ජලාශ ව්‍යාපෘතියේ ආරමභක උත්සවය වෙනුවෙන් කළුගලින් නෙලන ලද සමරුඵලක දෙකක්ද සකස්කොට තිබුණි.

හිටපු ජනධිපති සමරු ඵළකය විවෘත කළ අවස්ථාව

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදාල මුලික වාර්තා සඳහා අනුමැතිය ලබාගැනීමටත් පෙර  පරිසර වාර්තා සමාජ බලපෑම්  ඇගයිම් වාර්තා ශඛ්‍යතා ඇගයිම් වාර්තා ඇගයීමටත් ප්‍රථම  ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා මෙම මුදල් වැය කොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.  සමාරම්භක උත්සවයේ වියදම් සඳහා ඇස්තමේන්තු සකස්කර  අනුමතකර ගැනීමකින් තොරව  මෙම මුදල වියද ම්කොට ඇති බවද   විගණනය මගින් අනාවරණය කරගෙන ඇත.

මෙම ව්‍යාපෘතියට සමගාමීව  රුපියල් මිලියන 86.09ක මුදලක් වියදම්කොට  වැව් දෙකක් ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති අතර  එය නිසි ප්‍රමිතියෙන් තොරව ප්‍රතිසංස්කරණය කොට ඇති බවද විගනණ වාර්තාවේ දැක්වේ.   

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුඹුක්කන් ඔය ව්‍යාපෘතියට අදාල නොවන කාර්යන් වු  කොලැල්ලාවත්ත ව්‍යාපෘතියේ ආරම්භක උත්සවය සදහා  රුපියල් 11,  21, 290ක්  මුදලක් වියදම් කර තිබිණි.  

2017 වර්ෂයේ දි කුඹුක්කන් ඕය ජලාශ ව්‍යාපෘතියේ මුලික වැඩ ආරම්භකොට නොතිබියදි  ව්‍යාපෘතියට අදාල නිවාස හා වාහන කුලී ලෙස  රුපියල් 12, 73 335 ක වියදමක් දරා තිබුණි බවද විගණන වාර්තාවේ සදහන් වේ. වර්ෂ 2016 විසර්ජන ගිණුම අනුව  කුඹුක්කන් ඕය ජලාශ ව්‍යාපෘතිය   සඳහා රුපියල් .1, 02, 53 131 හඳුනා නොගත් විදමක් දරා තිබුණු බවද විගණනයේ දි අනාවරණය වි ඇත.

ව්‍යාපෘතිය සඳහා විදේශ සමාගම් 04කින් ලැබි තිබු අභිලාශ ඉදිරිපත් කිරීමේ යෝජනාව  නොසලකා හැර China National Heavy Machinery Co operation (CNHMC) යන සමාගමට 2018 මාර්තු 30 වැනි දින මෙම සමාගම  වෙත සුවිච් චැලෙන්ජ ක්‍රමයට  කුඹුක්කන් ඕය ජලාශ ව්‍යාපෘතිය හා  හැඩඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා  ශක්‍යතා අධ්‍යයන සිදුකිරීමට  අවබෝධතා ගිවසුමකට එළඹ තිබේ. 

විශේෂ කමිටුවක් මගින් මෙකි ව්‍යාපෘති යෝජනාව  අනුමත කර තරගකාරි  යෝජනා කැඳවීමට අදාලව  අමාත්‍යංශයට උපදෙස් දීමත් එම ලංසු  ඇගයිම් සිදුකොට මුල් යෝජනාව හා සසඳා සුදුසු යෝජනා පිළිගැනීම  කළ යුතුය. එහෙත් විධිමත් ආකාරයට අදාල කොන්ත්‍රාත්කරු තෝරාගත් බවට කරුණු විගණනයට අනාවරණය නොවන බවද විගණන වාර්තාවේ දැක්වේ. 

කුඹුක්කන් ඔය හා හැඩඔය ව්‍යාපෘතීන් ක්‍රියාත්ම කිරිමට   අභිලාශ ඉදිරිපත් කිරිමේ යෝජනා  අයතන 04කින්  EOI වාර්තා ලබා දි තිබියදිත් CNHMC  ආයතනයේ ඉල්ලිම පරිදි  අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කිරී මට එවකට සිටි විෂයභාර ඇමතිවරයා දැනුම් දි තිබු බවට  සටහනක් ලිපිගොනුවේ තිබී නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ. 

ඒ  අනුව මෙම ව්‍යාපෘතිය සඳහා අදාල කොන්ත්‍රාත්කරු  තෝරාගැනීමේ විනිවිදභාවයක්  හා  පවතින විධිමත් ක්‍රමවේදයන් භාවිතාකොට නොමැති බවද විගණන වාර්තාවේ දැක්වේ.

කුඹුක්කන් ඔය ජලාශය ඉදිකිරීම සඳහා  කුඹුක්කන් ඔය  වෙල්ලට ඉහලින්  බුත්තල මොණරාගල ඒ 04 මාර්ගය හා  කුඹුක්කන් ඔය හමුවන ස්ථානයේ  ජලය ඝණමිටිර් මිලියන  48ක ධාරිතාවයකින් හා  අක්කර 910 ප්‍රමාණයකින් යුත් ජලාශයක් ඉදිකිරිම  හැඩඔය හරස්කොට  ජලය ඝණ මිටර් මිලියන 147ක ධාරිතාවයක ජලාශයක්  ඉදිකිරීමට යෝජනා කරතිබුනි. මෙම ව්‍යාපෘතියේ සමස්ත වියදම රුපියල් මිලියන 32397කි. ( කෝටි තුන්දාස් දෙසීය තිස් නවයකුත් ලක්ෂ හැත්තෑවකි.)

 

.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයේ අයිස්ක්‍රීම්වලත් කොරෝනා හමුවෙයි

Next Post

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩප බුදු මැදුරට කළ ප්‍රහාරයෙන් පිළිමවහන්සේට හානි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.