දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී සිසුන් 100ක් සඳහා ඉන්දීය රජය විශේෂ ශිෂ්‍යත්ව වැඩ පිළිවෙළක් ආරම්හ කොට තිබේ.
ඒ අනුව තෝරා ගත් එක් සිසුවෙකුට මසකට රුපියල් 5000 හා 7500 බැගින් මාසිකව මූල්‍යාධාර ඉන්දියාවෙන් සපයා දෙනු ලබයි.
ශිෂ්‍යත්ව සඳහා තෙරා ගත් සිසුන් සිය දෙනාට 2023 වසර සඳහා මුදල් ප්රදානය කිරීම ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලෙ අතින් යාපනය විශ්ව විද්‍යාලය වෙත ප්‍රධානය කිරීම සිදු විය.








