දියසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාලය චීන සරසවියක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
යාපනය විශ්වවිද්‍යාලය චීන කෘෂිකාර්මික විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිනොගෙන ඇත්තේ ඔවුන්ගේ සශ්‍රීක ඉඩම් කොල්ලකෑමට හැකි සැඟවුණු න්‍යාය පත්‍රයක් පිළිබඳ සැකය නිසා බව වාර්තාවේ සඳහන් විය.
යාපනය විශ්වවිද්‍යාලය මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ නොවැම්බර් 25 වැනිදාය. කෙසේ වෙතත්, උපකුලපති සිවකොළුඳු ශ්‍රී සර්ගුණරාජා ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද උපකුලපතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකා රජය චීනය සමඟ ඇතිකරගත් ගිවිසුමට තැරැව්කරුවකු වීමට උත්සාහ කරන බවට යාපනය විශ්විද්‍යාල මහා ශිෂ සංගමය චෝදනා කරයි.
කෙසේ වෙතත්, ජනතාව වෙනුවෙන් මෙය ඉදිරියට ගෙන නොයන ලෙස මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
චීනය දැනටමත් මුහුදු පිපිඤ්ඤා මුවාවෙන් උතුරු මුහුද අත්පත් කරගෙන ඇති බව ඔවුන් චෝදනා කර තිබේ. මේ නිසා ධීවරයින් අතර භේදයක් ඇති වී ඇති බව උතුරේ මාධ්‍ය වාර්තා කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය විසඳීමේ ගිවිසුමක් ලෙස සැලකෙන මෙම ගිවිසුම උතුරේ ඉඩම් කොල්ලකෑමේ සැලසුමක් ලෙස සැලකිය යුතු බවත් දැනටමත් කෘෂිකර්මාන්තයට හානි කරන පොහොර ශ්‍රී ලංකාවට එවීමෙන් ශ්‍රී ලංකාව චීනයට ඩොලර් මිලියන කිහිපයක් ගෙවා ඇති බවත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ද පෙන්වා දී ඇත.