අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් එක්ක වත්මන් ජනාධිපති ලේකම් බිරිය ගැසූ කිරි හරක් ගේම  ආයෝජකයෙක් හෙළි කරයි!

ගෙන්වූ කිරි හරක් 4900කින් 3900ක් මේ වනවිට මැරිලා...

by editor
දෙසැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගවයෙක් රුපියල් හැත්තෑපන් දාහයි. ඒත් රටට ගෙනාවෙ පන් ලක්ෂ විසි හත් දහසක මිලකට… හැම ගවයෙකුගෙන්ම ලක්ෂහතරකට වැඩි මුදලක් ඇමතිවරු, සහ සමාගම් යටි මඩි ගැහුවා..

  • ඒ දවස්වල බැසිල්ගෙ අමාත්‍යාංශයෙ ලේකම් වත්මන් ජනාධිපති ලේකම්ගේ බිරිය රේණුකා… ඇපයට අත්සන් කළේ ඇය… ඇයට නඩු පවරා නොතීසි දෙන්න බැරිව ඉන්නෙ…

  • කෝටි 4ක් වැය කර ගවයින් දෙසීයක් ගත්තා. සියලුම ගවයින් මේ වනකොට මිය ගිහින්… ලංකාවේ දි කිිසිම නිරෝධායන පිළිවෙතක් නොකර ගවයින් නිදහස් කළේ ඇයි කියලා පස්සේ අපට හෙළි වුනා…

  • ඔස්ට්‍රේලියාවෙ නිරෝධායන කටයුතු කරද්දි ධරුනු බෝවන රෝගයක් ඇති ගවයින් 13ක් හොයාගෙන. ඔවුන් සමූහයෙන් ඉවත් කර හරක් ලංකාවට එවලා… සියල්ල නැති වුණු ආයෝජකයෙක් හෙළි කරයි...

රජයේ විදේශ විනිමය සංචිතවලට විශාල පාඩුවක් සිදු කරමින්  ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි ගවයන් පන් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමේ කුප්‍රකට වංචාවට අමාත්‍යවරුන් කිහිප දෙනකු, මෙරට ඉදිකිරීම් සමාගමක්වන ඇක්සස් සමාගම් සමූහය මෙන්ම වර්තමාන ජනාධිපති ලේකම්වරයාගේ බිරිය ද සම්බන්ධ ව සිටින බව එම ගවයන් සඳහා ආයෝජනය කළ ව්‍යවසායකයකු වන අමල් සූරියගේ   පවසයි.

එහිදී  සූරියගේ   ප්‍රකාශ කළේ 2018 වසර් තමන් රුපියල් කෝටි 4ක් වැය තොට එක් කිරි ගවයකු ලක්ෂ 2 බැගින් ලබා ගත් ගවයන් 200ම මේ වනවිට මිය ගොස් ඇති බවය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාව වෙත අදහස් දක්වමින් අමල් සූරියගේ   ප්‍රකාශ කළේ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ කාලයේ, වෙලාට්  නම් ඔස්ට්‍රේලියානු සමගාමක් සහ ඇක්සස් ව්‍යාපාර සමූහයට අයත් ෆෝසයිත් එන්ජිනියර්ස් නම් ආයතනය හරහා 2014 වසරේ සිට මෙම ගවයන් ගෙන්වූ අතර ගෙන්වූ ගවයන් 4900කට ආසන්න ප්‍රමාණයෙන් කිරි ගවයන් 3900ක් පමණ මේ වනවිට මිය ගොස් ඇති බවය.

ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ කිසිදු නිරෝධායන ක්‍රමවේදයක් අනුගමනය නොකොට මෙම ගවයන් මෙරටට ගෙන්වා ඇති බව තමන් ඉතා වගකීමෙන් යුතුව පවසන බවයි.

මෙම ගවයින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නැවක විවෘත තට්ටුවක ගෙනවා ඇති අතර ඔවුන් ත්‍රිකුණාමලය වරාය හරහා  මෙරටට ගෙන්වූ පසුව කෙළින්ම කිසිදු නිරෝධායන ක්‍රමවේදයකින් තොරව ආයෝජනය කළ පුද්ගලයන් වෙත නිදහස් කළ බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව පසුව කළ විමර්ශනවලදී විශේෂඥයන් 22 දෙනකු සාක්ෂි ලබා දී ඇතැයිද ඔහු පැවසීය.

පාපැදි කර්මාන්තයේ නමක් රැන්දූ දේශිය පාපැදි නිෂ්පාදන සමාගමක් වන සූරියගේ ව්‍යාපාරය ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෘෂි ව්‍යාපෘති සිදු කරන අතර මෙම ගවයන් ඒ සඳහා ගෙන්වා තිබේ.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වූ අමල් සූරියගේ මෙසේ කීවේය.

“ මේ කිරි හරක් ගැබ් ගත්ත කිරි හරක්.  4995 ක් පමණ 2017 2018 වසරවල ගෙනවා.  කිසිම නිරෝධායනයක් නෑ. “

“මේක අන්තිම දූෂිත ගනුදෙනුවක්. 2008 වසරේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තමයි ගිවිසුම ගැහැව්වේ. මේ සඳහා ලෝකයම පිළිගත් ටෙන්ඩර් පටිපාටි තිබියදී කිසිම කුමවේදයක් නැතිව මෙය කළේ බැසිල් රාජපක්ෂ අර්ථික සංවර්ධන ඇමති කාලේ.“

“2008 ගහපු ගිවිසුමටම නැවත නැවත ඇමතිවරු මාරු වුණත් ගිවිසුම වෙනස් වුණේ නෑ. ආරුමුගම් තොන්ඩමන්, සී.බී රත්නායක, පී හැරිසන් විජිතමණි සොයිසා  ඇමතිවරුන්ගේ කාලෙත් මේක අඛණ්ඩව සිදුවුණා.  ගිවිසුම 2014 දී අලුත් කළත් ආවේ  පරණ ගිවිසුමම තමයි. 2008 සිට 2014 තෙක් ගෙනාවේ 3000ක්.  එයින් 2500ක් විතර ගෙනාවා හම්බන්තොට. රටේ දේශගුණය ගැන කිසිදු සෙවීමක් බැලීමක් නැති නිසා හම්බන්තොට ගවයන් හදන්න ගෙනාපු අයට ඒසී දාන්න වුණා.  “

“අපි සොයල බැලුවා මේ ගවයකුගේ සාමාන්‍ය මිල රුපියල්වලින් 75000ක්. නමුත් ආණ්ඩුව මේ එක් ගවයකුට  පන්ලක්ෂ විසිහත් දහසක් වැය කර තිබෙනවා. මම හිතනවා මේ වැඩි මුදල ඇමතිවරු නිලධාරීන් සහ අර ගෙන්වීම සම්බන්ධ සමාගම් දෙක අතරේ බෙදෙන්න ඇති. “

“ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ බිරිය රේණුකා තමයි එවකට අදාළ අමාත්‍යංශ ලේකම්. එයා තමයි  ඇපයට අත්සන් කරන්නේ.  අද එයාට අපි දාල තියෙන නඩුවේ නොතීසි බාර දෙන්න බැරිව ඉන්නවා. “

“මෙම සතුන් සඳහා මෙරට නිරෝධායනය නොකළාට ඔස්ට්‍රේලියාවේදී නිරෝධායන පිළිවෙත් සිදු කෙරුණා. එහිදී අනාවරණය වී තිනෙවා මෙම සතුන් අතරින් ගවයන් 23 දෙනකුට බවීඩී එනම් “බෝවයින් ඩයරියා ඩිසීස්“ නම් දරුනු රෝග තත්ත්වය පවතින බව.

ඔවුන් ඒ 23 දෙනා පමණක් සමූහයෙන් ඉවත් කර මෙම සතුන් ගෙන්වා තිබෙනවා .ලංකාවට ගෙනත් මේ ගවයින් නිරෝධායනය නොකළේ මේ රෝගය හසු වන නිසා.

යයිද ඔහු තවදුරටත් පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය විශ්වවිද්‍යාලය චීන සරසවියක් සමග අවබෝධතා ගිවිසුම ප්‍රතික්ෂේප කරයි….

Next Post

ජනවාරියේ විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ නෑ… මහජන උපයෝගීතා කොමිසම කියයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.