දිනසේන රතුගමගේ –
යාපනය හා ඉන්දියාවේ චෙන්නයි අතර ගුවන් ගමන් දෙරටේම ජනතාව අතර ඉතා ප්‍රචලිත තත්වයකට පත් වීමත් සමගම දිනකට රටවල් දෙක අතර ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
සතියකට දින තුනක් ඉන්දියාවේ සිට ගුවන් යානා යාපනය පලාලි ගුවන් තොටුපල වෙත පැමිණෙන අතර එදිනම ආපසු ඉන්දියාව බලා පියාසර කරයි.
මෙම එක් ගුවන් ගමන් වාරයකදී මගීන් 60 දෙනෙකුට පහසුකම් රැසක් සමග ගමන් කිරීමට අවකාශ ලැබී ඇති අතර ගුවන් ටිකට් පත් ගාස්තුද කටුනායක හා චෙන්නායී අතර මිලට වඩා අඩු කොට තිබේ.
යාපනය ගුවන් තොටුපලේ නවීකරණකටයුතු දෙවැනි අදියර යටතේ නිම වීමෙන් පසුව දෙරටේම ගුවන් මගීන්ට තව දුරටත් පහසුකම් පුලුල් කිරීමට ගුවන් සමාගම් තීරණය කොට තිබේ.