ශ්‍යාම් නුවන් ගණේවත්ත –
පුද්ගලයන්ගේ වැටුප් සහ ආදායම් මත රජය විසින් පනවා ඇති නව බදු ආදායම් අනුපාත 2023 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීම ආරම්භ වේ.
මේ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි සහ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන සියලුදෙනාම 2023 ජනවාරි 01 දින සිට බදු ගෙවීමට යටත් වේ.
මේ අනුව බදු නිදහස් සීමා වන්නේ මසකට රුපියල් ලක්ෂයක් සඳහා පමණකි.
- මේ නව බදු අනුපාත ක්‍රියාත්මක විමත් සමග බදු ගෙවිය යුතු ආකාරය එක් එක් ආදායම් මට්ටම මෙසේ සඳහන් කළ හැකිය.
රුපියල් ලක්ෂය දක්වා ආදායම් ලබන අයෙකු බදු ගෙවිය යුතු නොවන නොවේ. - මසකට රු. 150,000 ක ආදායමක් උපයන අයකු මසකට රු. 3500.00 ක බද්දක්
- මසකට රු. 200,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 10,500 ක බද්දක්
- මසකට රු. 250,000 ක ආදායම් උපයන අයෙකු මසකට රු. 21,000 ක බද්දක්
- මසකට රු. 300,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 35,000 ක බද්දක්
- මසකට රු. 350,000 ක ආදායමක් උපයන අයෙකු මාසිකව රු. 52,500 ක බද්දක්
- මසකට රු. 400,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 70,500 ක බද්දක්
- මසකට රු. 500,000 ක ආදායමක් උපයන අයෙකු මසකට රු. 106,500 ක බද්දක්
- මසකට රු. 750,000 ක ආදායමක් උපයන අයෙකුට මසට රු. 196,500 ක බද්දක්
- මසකට රු. දශ ලක්ෂයක් උපයන අයකු මසකට රු. 286,500 ක බද්දක් ද ගෙවිය යුතු බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
පසුගිය අයවැය මගින් මෙම නව ආදායම් බදු අනුපාත ප්‍රකාශයට පත්කළ අතර මේ නව වාර්තාව මගින් සෘජුවම ගෙවීමට සිදුවන බදු මුදලේ වටිනාකම දක්වනු ලැබ ඇත.
දිවයින –