දිනසේන රතුගමගේ –
කොළඹ සිය යාපනය බලා ධාවනය වුණු සුඛෝපභෝගී බස් රථයක් අද (5 ) අලුයම කිළිනොච්චියේ 155 වෙනි කිලෝ මීටර් කණුව ආසන්නයේදී මහ පාර මැද පෙරළී යාම නිසා මගීන් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර තුවාල කරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
මෙම අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව තිබේ.
වර්ෂාව පවති අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ රියදුරුට මාර්ගය නොපෙනීමත් ඔහුට නින්ද යාමත් නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.
මීට සති තුනකට පෙරද යාපනය කොළඹ අතර ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථ දෙකක් එකම මොහොතක වවුනියාවේදී අනතුරට ලක් වීමෙන් රියදුරෙකු ඇතුලු හතර දෙනෙකු තුවාල ලබා සිටියහ.
මෙම බස් රථ රාත්‍රියේ ගමන් ආරම්භ කොට අළුයම් කාලයේදීත් ගමන හමාර නොවන නිසා රියදුරන් අධික වෙහෙසට පත් වී සිටීමත් ඔවුන්ට නින්ද යාමත් නිසා මෙම අනතුරු සිදු වන බව පොලීසිය ප්‍රකාශ කරයි.
කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යයි.