ශ්‍රියානි විජේසිංහ –
පාසල් අවට අලෙවි වන අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ සොයා පොලිසිය හා එක්ව විශේෂ වැටලීම් අඛණ්ඩව සිදුකිරීම අරඹා ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ඖෂධ හා ආහාර පරික්ෂක අමිත් පෙරේරා සඳහන් කරයි.
පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම වෙළඳ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් සිටින අතර මේ වන විටත් ඇතැම් පාසල් දරුවන් ඔවුන්ගෙ ගොදුරු බවට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද අමිත් පැවසීය
ඖෂධ අධිකාරිය තුළ ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් සීමිත සංඛ්‍යාවක් පමණක් සිටින බැවින් වැටලීම් කිරීම අපහසු වූ නමුත් ඖෂධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ අණපනත් වෙනස් වීමත් සමග පොලිසිය සමග එක්ව වැටලීම් සිදුකිරීම හැකිවීම පහසු වී ඇතැයි ඔහු පැවසීය.







