අද (05) අළුයම කැලණිය, ගල්බොරැල්ල මංසන්ධියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා මේ වනවිට ගිනි නිවන භටයෝ දැඩි උත්සාහයක නිතර වෙමින් සිටිති.
ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හයක් ස්ථානගත වී ඇති බවය.
ගින්න හටගෙන ඇත්තේ පෞද්ගලික රෝහලකට අයත් ගබඩා ගොඩනැගිල්ලකය.
ගින්නට හේතුව තවමත් සොයාගෙන නැත. ගින්නෙන් විශාල දේපල හානියක් සිදුවී ඇති නමුත් කිසිම ජීවිත හානියක් සිදුවී නැති බව පොලිසිය කියයි.
විමර්ශන ක්‍රියාත්මක වී ඇත. හිරු පුවත් සේවය එම අවස්ථාව වාර්තා කර තිබුණේ මේසේය…