දිනසේන රතුගමගේ
යාපනයේ කෝපායි ප්‍රදේශයේ නිවසකින් නිරුවත් මළසිරුරක් පොලසිය විසින් 12 දා සොයා ගෙන තිබේ.
මියගිය පුද්ගලයා ගණපතිපිල්ලේ මහේන්ද්‍රන් නමැති අයෙකු බවට හඳුනාගෙන ඇති අතර මළ සිරුරේ බොහෝ ස්ථානවල කැපුම් සහිත තුවාල තිබීම නිසා මේ මරණය ඝාතනයක් විය හැකි බවට කෝපායී පොලිසිය යාපනය අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ තමන් සිද්ධිය වූ දිනයේ ගමේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට දරුවන් සමඟ පිටත්ව ගිය බවයි.
තමන් එහි සිටියදී පවුලේ ඥාතියකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව නිවසට පමිණි බවත් එම ඥාතින් තම ස්වාමියාගේ මළ සිරුර සොයාගෙන ඇති බවත් බිරිඳ පවසා තිබේ.
යාපනය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මිය ගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත භාර දී ඇති අතර කෝපායී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.