දිනසේන රතුගමගේ –
යාපනය නගරාධිපතිවරයාගේ මුල්ම වැටුප යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදි කරනු ලබන යුද ස්මාරකය වෙනුවෙන් ඊයේ (11 ) පරිත්‍යාග කොට තිබේ.
ඒ අනුව යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඔහුට මුල්ම වැටුප වශයෙන් ලැබුණු රුපියල් 35462 ක මුදල යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වෙත පරිත්‍යාග කොට ඇත.
මනිවන්නන් යාපනයේ නව නගරාධිපති ධූරයට පත් වූයේ හිටපු නගරාධිපතිවරයා 2021 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අවස්ථා දෙකකදීම පරාජයට පත් වීමෙන් පසුව පැවති ඡන්ද විමසීමකින් පසුවය.