පොලීසියේ ඉහළ පුටු රැසක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
ඒ අනුව කොළඹ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ සිසිර කුමාර මහතා වෙනුවට වැඩ බැලීමට බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී මහතා පත් කර ඇත.
සිසිර කුමාර මහතා පිරිස් පාලන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කොට ඇති අතර, එම අංශයේ නියෝජ්‍ය පොලිස්පතිව සිටි සංජීව මැදවත්ත මහතා ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයට මාරු කර තිබේ.
ඊට අමතරව ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔහාන් ප්‍රේමරත්න මහතා මූල්‍ය අපරාධ කොට්ඨාශයට යොමුකර ඇති අතර, ක්‍රීඩා හා නාගරික රථවාහන අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා ගල්කිස්සට මාරු කර ඇත.
හලාවත කොට්ඨාශ භාර ව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, ඇල්පිටියටත් ඇල්පිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සතිස් ගමගේ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටත් මාරු කර ඇති අතර, හලාවත නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කුලියාපිටිය කොට්ටාශයේ සිටි පොලිස් අධිකාරී එල්. ආර්. මහතා පත්කොට ඇත.
පිරිස් පාලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේෂ්ඨ පොලිස් අධිකාරි උදිත් ලියනගේ යාපනය ජේෂ්ඨ පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කොට ඇති අතර යාපනයේ කටයුතු කළ ජේෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රංගල පොලිස් ක්‍රීඩා කොට්ඨාශ අධ්‍යක්ෂවරයා ලෙස පත්කොට ඇත.
එසේම කන්කසන්තුරේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩබ් පී ජේ සේනාධීර මහතා පිරිස් පාලන අංශයට යොමු කර ඇති අතර එම ස්ථානයට පොලිස් මුලස්ථානයේ සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා පත් කර ඇත.
මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුද වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.