කීර්ති ප්‍රනාන්දු –
අද (12) උදෑසන කොච්චිකඩේ පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට වූ නිර්නාමික දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේම පදිංචි මන්ද මානසික පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම දුරකථන ඇමතුමත් සමගම පල්ලිය භාර පියතුමන්ලා දැනුවත් කර පල්ලියට මෙතෙක් ලබා දුන් ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.
ලැබුණු දුරකථන ඇමතුම ඔස්සේ විමරශනය කළ පොලිසිය මේ වනවිට දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේ දී ඔහු මන්ද මානසික පුද්ගලයෙක් බව හඳුනාගෙන තිබුණත් සිද්ධියේ බරපතලකම සලකා තව දුරටත් ප්‍රශ්නකිරීම් සිදුකරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.







