දිනසේන රතුගමගේ –
යාපනයේ කට්ටිකාඩු අරම්තුරෙයි ප්‍රදේශයේ ධීවරයින්ගේ මාදැලකට ඩොල්ෆින් වර්ගයේ මසුන් 11 දෙනෙකු ඊයේ (6 ) හසු වී තිබේ.
එම ඩොල්ෆින් මසුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර ඇතමුන් එම ඩොල්ෆින් මසුන් බදාගෙන මසුන් සමග සෙල්ලම් කළහ.
පසුව ධීවරයින් විසින් එම ඩොල්ෆින් මසුන් ඉතා සීරුවෙන් දැල් වලින් ගලවා යළි මුහුදට යැවීමට පියවර ගෙන තිබිණි.







