මැතිවරණ සමයක භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ පහළ යෑම (මිල උච්චාවචනය) දේශපාලන අධිකාරිය මගින් සිදුකරන ක්‍රියාවලියක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතු කෝරළ පවසයි.
මේ වන විට ඩොලරයේ අගය පහත වැටීමත් සමග සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහත වැටි ඇති අතර එම තත්ත්වය දීගු කාලීනව පවත්වාගෙන යා හැකිද යන්න නිශ්චිතව කිව නොහැකි බව මහාචාර්යවරයා කිය.
ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව ස්ථාවරව පවත්වාගෙන යෑමට නම් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමත් අපනයන ක්‍රියාවලිය යාවත්කාලීන කරමින් රටට ඩොලර් ගෙන්වා ගත හැකි මට්ටමක වත්වාගෙන යාම සඳහා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු යි බවත් හෙතෙම පෙන්වා දෙන්නේය.
අප්‍රේල් මාසය ජනතාවගේ සංස්කෘතීන් සැමරුම් මාසයක් වන හෙයින් භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහත යෑම සුදුසු වුවත් එම තත්ත්වය කුමන අවස්ථාවකදී වෙනස් වේවිද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකි බව ත් මහාචාර්යවරයා කියා සිටියේය.
මේ මොහොතේ ජනතාව තමන්ගේ ඕනෑ එපාකම් සපුරා ගැනීම සඳහා කටයුතු කිරීමේ දී වඩා සැලකිලිමත්ව ඉදිරියේදී ඇතිවීමට ඇති ආර්ථික අපහසුතාවන් අවම වන පරිදි කටයුතු කිරීමටද වගබලා ගත යුතු යැයි ඔහු පැවසුවේය.







