දිනසේන රතුගමගේ –
යාපනයේ චුන්නාකම් නගරයේදී මහ දවල් කාන්තාවකගේ රන් මාලයක් කඩාගෙන පලා ගිය සැකකරුවකු පොලීසිය විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන තිබේ.
කාන්තාව චුන්නාකම් නගරයට පැමිණ ගමන් කරමින් සිටි අවස්ථාවේදී ඇයගේ කරේ තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලය කඩා ගත් පුද්ගලයෙකු මහපාර ඔස්සේ දිව ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අදාල කාන්තාව චුන්නාකම් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය නගරයේ වෙළද සැල් කීපයක තිබූ සී.සී.ටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමෙන් පසුව සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු අසල යුද හමුදා කඳවුරක සේවය කරණ යුද හමුදා සෙබලෙකු බවට තිරතුරු අනාවරණය වී ඇත.
සැකකරුව මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන තිබේ.







