බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අපරාධ කල්ලි නායකයින් වෙනුවෙන් මිනී මැරීමට කුලී වැඩ කරමින් ජීවත්වෙන පාතාලයේ කුලී ඝාතකයෝ…

by editor
පෙබරවාරි 26, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය අකුරේ‍ගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා මොනරාගල, නක්කල, ටැංවත්තේ පිහිටි නිවෙසක දී කොටුකරගෙන්නේය.  එම හෙමෙහෙයුම සිදධ වෙන්නේ  සැක කටයුතු පුද්ගලයන් තිදෙනෙක් නිවසක සිටින බවට  (24) රාත්‍රී කාලයේදී  119 පොලිස් හදිසි ඇමතුම් අංශයටත් මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයාටත් දුරකතන ඔස්සේ ගම්වැසියෙක් විසින් ලබාදුන් තොරතුරකට අනුවය.

එම තොරතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකවූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් නක්කල ප්‍ර‍දේශයට  ගොස් අදාළ නි‍වෙස වටලා තිබිණි. ඒ වන විට එම නිවසේ  පුද්ගලයන් 03 දෙනෙක් රැඳී සිටියේය. ඒ අතර සිටි වෙඩික්කරුව පහසුවෙන්ම හඳුනා ගැනීමට පොලීසිය සමත්ව වූයේය. ඒ වනවිට සැකකාර වෙඩික්කරුගේ ඡායා රූපය සහ ඔහුගේ හැඩ රුව වෙනස් විය හැකි ආකාරය සම්බන්ධව AI තාක්ෂණය ඇසුරින් පොලිසිය විසින් නිර්මාණය කළ ඡායාරූප මාලාවක් මාධ්‍ය ඔස්සේ බෙදා පුළුල් ලෙස බෙදා හැර තිබුණු පසුබිමක සැකකාර වෙඩික්කරු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.

මෙම වෙඩික්කරු ගැන කතා කිරීමට පෙර ඔහු සම්බන්ධව විමර්ශකයින්ගේ අවධානය යොමු වුන ආකාරය සම්බන්ධව විමසිය යුතුව ඇත. මක්නිසාද යත් මේ වනවිට එම වෙඩික්කරු සහ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල විසින් දැක්වූ වෙඩික්කරු එකම පුද්ගලයෙක් දැයි ප්‍රශ්නයක් සමාජයෙන් ඇසෙමින් තිබෙන බැවිනි.

මේ වෙඩික්කරු සම්බන්ධ මුලින්ම ආරක්ෂක අංශ අවාධානයට ලක් වන්නේ අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරු වූ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා ඝාතන සිද්ධිය පිළිබඳ කරන විමර්ශනවලදී ය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

එම සිද්ධියේ ඝාතකයින් පිළිබඳ තොරතුරු හඹා යෑමේ දී ඝාතකයින්  ගමන් කළ මෝටර් රථය මාබිම ප්‍රදෙශයේ කොන්ක්‍රීට් වැඩපළක් වෙත ගමන් කරන ආකාරය නිරීක්ෂණය වී තිබිණි.  මෙම විමර්ශනය කළ විශේෂ කාර්ය බලකාය අදාල මාබිම වැඩපළට යද්දී එහි සිටි පිරිසක් පලා ගොස් තිබුණු අතර  පලා ගිය  එක් පුද්ගලයෙකුගේ හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍රයක් විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවට පත් විය.

එම ලියකියවිලි අත් අඩංගුවට ගෙන මෙම මාබිම වැඩබිම පවත්වාගෙන ගිය පුද්ගලයා විමර්ශන අංශ භාරයට ගත්තේය. ඒ වනවිට දේශබන්දු තෙන්නකෝන්  හිටපු පොලිස්පතිගේ මහනුවර නිවසේ වහල අලුත්වැඩියා කරමින් සිටියේ මෙම කොන්ත්‍රාත්කරු විසිනි.

කොන්ත්‍රාත්කරුගෙන් එම අලුත්වැඩියාව ගැන තොරතුරු විමසද්දී ඔහු පවසා තිබුණේ තමන්ට මේ කොන්ත්‍රාත්තුව පැවරුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ තමන් කලක සිට හඳුනන පුද්ගලයෙක් බවය. කොන්ත්‍රාත්කරුගේ තොරතුරු මත අදාල අම්බලන්ගොඩ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වන්නේ එම නිවසේ වහල අලුත්වැඩියාව සඳහා පුද්ගලයෙක් යොදවන ලෙස තමන්ට දැනුම් දුන්නේ කරන්දෙණියේ සුද්දා බවත්,  ඒ සඳහා සියලු ගෙවීම් සිදුකරමින් සිටියේ සුද්දා විසින් බවත් ය.

කරන්දෙණියේ සුද්දා දේශබන්දුගේ නුවර නිවස  තමන්ගේ අපරාධවලට යොදා ගන්නා අපරාධකරුවන් රඳවා තබන තාවකාලික ආරක්ෂිත නිවසක් බවට පරිවර්තනය කරගෙන සිටි ආකාරය සිංගර් කෝසල ඝාතනයේ සැකකරුවන් පැමිණි ස්ථානය සම්බන්ධව යළිත් වරක් තහවුරු කරගැනීමෙන්  විමර්ශකයින් සහතික කරගත්තේය.

ඒ අනුව මාබිම වැඩපළ වැටලීමේ දී පලා ගිය පිරිස මේ ජාලයේ යම් භූමිකාවක් සිදුකර ඇති බවට අනුමාන කළත්  මෙම පුද්ගලයා කවරෙක්ද යන්න විමර්ශන අංශ  විසින් නිසි ලෙස හඳුනාගෙන තිබුණේ නැත.  පාස්පෝට් එක  සහ හැඳුනුම්පත හිමි පුද්ගලයා  නමින් රූබන් සුරේෂ් විය.

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිය වෙඩි තබා ඝාතනය කරන්නේ මේ අතරය.  විමර්ශකයින් ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකාර  වෙඩික්කරු  අත් අඩංගුවට ගන්නේය. බද්දේගම පදිංචි 46 හැවිරිදි  සුනිල් රංජිත් නැමැති මෙම සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ  කුරුඳු ඉඩමක කුලී වැඩ කරන කම්කරුවෙකි.  කලක් හෙතෙම හමුදාවේ විශේෂ බලකායේ සේවය කර තිබූ බව අනාවරණය විය.

අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් තමන් සමග අපරාධයට එක් වුන  අනෙක් ඝාතකයා ගැන විමසා සිටියත් ඔහු එම පුද්ගලයා ගැන කිසිවක් දැනගෙන සිටියේ නැති බව අනාවරණය විය. ඔවුන් දෙදෙනා ජීවිතයේ මුල් වරට හමු වී තිබුණේ ඝාතනයට සැරසී ගමන් කළ වාහනය තුළ දී ය.

ප්‍රශ්න කිරීම් අතර විමර්ශකයින් පුද්ගල ඡායාරූප රැසක්  පෙන්වා  මින් තමන් සමග ගමන් කළ පුද්ගලයා කවරෙක්දැයි හඳුනා ගන්නා ලෙස ප්‍රධාන ඝාතකයාට දන්වා තිබිනි.  ඔහු එක්වරම තෝරාගෙන තිබුණේ රූබන් සුරේෂ් නමින් පෙනී සිටි පුද්ගලයාගේ ඡායා රූපය ය.

ඒ අනුව වහාම මෙම පුද්ගලයා ගැන කළ විමර්ශනයේ දී  අනාවරණය වන්නේ එම හැඳුනුම්පත සහ පාස්පෝට් එක අයත් වූ    පන්සල පාර, මීවල, රුක්ගහවෙල පදිංචිකරුවෙක් වන  රූබන් සුරේෂ්   නැමැති පුද්ගලයා සහ මෙම හැඳුනුම්පත  සහ ගුවන් ගමන් බලපත්‍රය හිමි තැනැත්තා ලෙස පෙනී සිටින තැනැත්තා  පුද්ගලයින් දෙදෙනෙක් බවය.  විමර්ශන අංශ වටහා ගත්තේ මේ ඡායාරූපයේ පෙනී සිටින පුද්ගලයා සිය අනන්‍යතාවය ව්‍යාජ ලෙස සඟවාගෙන ජිවත්වන අපරාධකරුවෙක් බවය.

එම ඡායාරූපය ඇසුරින් සකස කළ ඡායාරූප පෙළක් පොලිසිය විසින්   මාධ්‍ය වෙත ලබා දී මෙම පුද්ගලයාව හඳුනා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටින්නේ ඉන් අනතුරුවය.

අපරාධකරු අත් අඩංගුවට ගැනීමට මේ ප්‍රචාරනය අතිශයින්ම බලපෑවේය.  අත් අඩංගුවට පත්වන අපරාධකරුගේ සැබෑ නම රූබන් සුරේෂ් නොව මනෝජ් උදයංග බවත් ඔහු   ගාල්ල කනන්කේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 40 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් අනාවරණය වන්නේ අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුවය. නීතිඥවරයාගේ බිරිය ඉලක්කර රිවෝල්වරයකින් වෙඩි තබා ඇතැයි කියැවෙන්නේ මෙම සැකකරු විසිනි.

මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලබන රූබන් සුරේෂ්ගේ නම සහ අපරාධකරුගේ සැබෑ නම වෙනස් වන්නේ ඒ ආකාරයෙනි.

මේ වනවිට  කරන්දෙණිය සුද්දාගේ වෙඩික්කරුවන් අතර සිටින ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරුවෙක් ලෙස  මනෝජ් උදයංග නැමැති මෙම සැකකරු හඳුනාගෙන තිබේ. ඔහු අවස්ථා කිහිපයකදී මත්කුඩු සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවෙක් බවට ද තොරතුරු අනාවරණය වූයේය.

මනෝජ් උදයංග නැමැති මෙම අපරාධකරුට රූබන් සුරේෂ් නමින්  ව්‍යාජ හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රය   සකස්කර දුන් පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි. දැනට අනාවරණය වී ඇති ආකාරයට මෙම පුද්ගලයා තමන්ගේ ව්‍යාජ ගමන් බපත්‍රය ලබා ගැනීමට ආගමන විගමන කාර්යාලයට ගොස් පෙනී සිට තිබේ.

මොනරාගලට ආවේ කොහොමද?

මෙම සැකකරු මොනරාගල ප්‍රදේශයට රැගෙන ඒමට කටයුතු කර ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන කැලුම් නැමති අයෙකි. කැලුම්ගේ හිතවතකු ඔහුට දුරකතන ඇමතුමක්දී තමාගේ මිතුරකුට රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක්කර ඇතැයි ඇති බව කියයි. ඒ අනුව වෙඩික්කරු වන සැකකරු මීට දින කිහිපයකට පෙර මොනරාගලට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.

කොන්ත්‍රාත් සමාගමක ඉදිකිරීම් වැඩ බිමක සේවය කරමින් ඔහු නක්කල, ටැංවත්ත ප්‍රදේශයේ කුලී නිවසේ  රැඳී සිට ඇති බව අනාවරණය වී ඇත.

මෙම  නිවෙස  මාස 06කට පමණ පෙර කුලී පදනම මත ලබාගෙන තිබූවක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අංගොඩ පදිංචි පුද්ගල‍‍‍යෙක් විසින් කුලියට එම නි‍වෙස ලබා ගෙන ඇත්තේ විදේශයක රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ මෙ‍හෙයවීම මත බව ද අනාවරණය වී ඇත.

දැන් මේ කියන කතාව සම්බන්ධව ජාතියක් ලෙස අප අවධානය යොමු කළ යුතුය. එසේ නොවේ නම් මේ මත්ද්‍රව්‍ය හා බැඳුන පාතාලය මර්ධනය කිරීම යනු හුදු දේශපාලන ප්‍රචාරකවාදී ගොබ්බ මිත්‍යාමය විහිළුවක් බවට පත්වීම වැළැක්විය හැකි නොවේ.

මෑත කාලයේ දී අත් අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන්ගේ කුලී වෙඩික්කරුවන් එකෙක්වත්  ඔවුන් ලබා දුන් මුදල්වලින් සුඛොපභෝගී ජීවිත ගත කරන්නන් නොවේ. ඇත්තටම මෙම ඝාතනවලින් අවසානයේ දී උන් ලැබූ දෙයක් නැත. අකුරේගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු හමුදාවෙන් ඉවත් වූ කුලී කුරුඳු තලන්නෙකි. අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.  දෙවැනි වෙඩික්කරු කරන්දෙණිය සුද්දාගේ කුලී ඝාතන කරමින් මුලින් මාබිම කොන්ක්‍රීට් වැඩපලක සේවය කරන කම්කරුවෙකි. ඔහුත් නාවික හමුදාවෙන් ඉවත් වී සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.  අකුරේගොඩ ඝාතනය සිදුකර ඔහු යළිත් යන්නේ මොනරාගල ඉදිකිරීම් බිමක කුළීකරුවෙක් ලෙසය. දැනට අනාවරණය වී ඇති ආකාරයට මුන් දෙදෙනාම කුලී වැඩ කර  යැපෙමින් කරන්දෙණිය සුද්දාගේ අවශ්‍යතා මත මිනිස් ඝාතන කරන උන්ය.

මෑතක දී අත් අඩංගුවට ගත් බොහෝ ඝාතකයින්ගේ මුල්  විමසා බැලීමේ දී වැටහෙන්නේ මේ පුද්ගලයින්  හමුදා පුහුණුව ලද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවය. මත්ද්‍රව්‍ය භාවිත වරදට බන්ධනාගාරගත වූ මෙම පුද්ගලයින්ට බන්ධනාගාරය තුළ අවශ්‍ය පහසුකම් කෑම බීම සහ මත්කුඩු ටික පවා බන්ධනාගාරය තුළ දී ලබා දෙන්නට මේ අපරාධ කල්ලිවල පිරිස් සැරසී සිටිති. අවසානයේ දී ඇප ලබා ගැනීම සඳහා  උදවු කරනු ලබන්නේත් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්ය.  බන්ධනාගාරය තුළ දී බලා ගැනීම, ඇප ලබා දීමට උපකාර කිරීම  වැනි කාරණා සමග එම පුද්ගලයින් සමග ගැඹුරු බැඳීමක් සහිතව බන්ධනාගාරයෙන් පිටවන මොවුන් ගැන සොයා බලමින් අවශ්‍ය වෙලාවට මත්ද්‍රව්‍ය ලබාදීම වැනි උපකාර ද මෙම කල්ලි නායකයින් විසින් සිදුකරන්නේය.

අවසානයේ දී එම අපරාධකරුවන් මේ ඝාතකයින්ගෙන් ඉල්ලා සිටින්නේ “මල්ලි වැඩක් තියනවා… කරලා දීපන්…” යන්න පමණි. ප්‍රශ්න කිරීමකින් තොරව ඔවුන්ගේ ඝාතන කරදීමත්, ඉන් වෙනත් විශේෂ වරප්‍රසාදයක් හෝ මුදලක් ඒ වෙනුවෙන් බලාපොරොත්තු නොවීමත්,  ඝාතනයෙන් අනතුරුව යළිත් වරක් සිය කටුක කුලීකාර ජීවිතය ගතකරමින් සිටිමත් මේ පුද්ගලයින්ගේ ස්වභාවය ය.

මේ තත්ත්වය හඳුනාගෙන මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගාරගත වන පුද්ගලයින් පාතාල අපරාධකරුවන්ගේ කුලී කරුවන් නොකර එලියට දැමීමේ වගකීම රජයකට තිබේ. මේ සම්බන්ධව පුළුල් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් මත පදනම්වන වැඩපිළිවෙළක් නොමැතිව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව පුනරුත්ථාප ක්‍රියාවලියක් අවශ්‍ය වූ පුද්ගලයින් බුරුතු පිටින් බන්ධනාගාරගත කර රටකට ලබා ගත හැකි දෙයක් නැති බව දැන්වත් තේරුම්ගත යුතුව තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් පිටුවහල් කළ “පොඩි ලැසී” අද රටට ගෙන්වීමට සැරසෙයි?…

Next Post

යාපනයේ දී කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑ හමුදා සෙබලෙක් අත් අඩංගුවට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.