දිනසේන රතුගමගේ –
2013 වසරේ රජය විසින් නිකුත් කරණ ලද ගැසට් නිවේදනයේ සදහන් ආකාරයට යාපනයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉඩම් අක්කර 2900 ක් මාස දෙකක් ඇතුළත නිදහස් කොට ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.
එම ඉඩම් දැක බලා ගැනීමට එම ප්‍රදේශයට ගිය අමාත්‍යවරයා ඉඩම් ලාභීන් සමගද සාකච්ඡා කළ අතර එහිදී ඔහු කියා සිටියේ ඉතා ඉක්මනින්ම එම ඉඩම්වල මැණුම් කටයුතු ආරම්භ කරණ අතර එය බොහෝ විට ලබන සතිය ඇතුළත සිදුවන බවයි.
යුද සමයේදී ආරක්ෂක අංශ විසින් කඳවුරු බැදීම සදහා ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීමෙන් පසුව 2013 වසරේදි එම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ගැසට් පත්‍රක් නිකුත් වූ අතර එහි සදහන් ඉඩම්වලින් මේ වන විට අක්කර 6400 ක් පමණ නිදහස් කොට යාපනයේ ජනතාවට ආපසු ලබා දී ඇත.
යාපනය දිසාපති කාර්යාලය ප්‍රකාශ කලේ එම ඉඩම්වල 80 % ක මේ වන විට අයිතිකරුවන් යළි පදිංචි වී සිටින බවයි.







