දිනසේන රතුගමගේ –
යාපනය නගරයේ පලතුරු අලෙවි කරණ විසි දෙහැවිරිදි තරුණයෙකුව 2 දා මහ දවල් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගිය බවට කෝපායී පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
පලතුරු විකුණමින් සිටි මෙම තරුණයා අසල නතර කළ වෑන් රථයකින් පුද්ගලයින් දස දෙනෙකු පමණ බැස ඔහුගෙන් ප්රශ්න කළ බවත් අනතුරුව කඩු හා කිණිසි පෙන්වා තරුණයාව වෑන් රථයට දමා ගෙන එම පිරිස පලා ගිය බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.
වෑන් රථයෙන් බසින ලද සියළුම දෙනාගේ අත් වල කඩු පිහියා හා වෙනත් ආයුධ තිබූ බව කෝපායී පොලීසිය විසින් සිදු කරණ ලද පොලිස් පරීක්ෂණ වලදී සිද්ධිය සියැසින් දුටුවන් ප්රකාශ කොට තිබේ.
මෙම තරුණයා පැහැර ගෙන යාමට හේතුව හෝ පැහැර ගෙන යන ලද්දේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් හෙලි වී නොමැත.
කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.