දිනසේන රතුගමගේ –
යාපනයේ ඉන්ධන පිරවුම්හල් අසල ඇති පෝලිමක පලමු සිය දෙනා අතර ඉඩක් ලබා දීමට අයකරන ගාස්තුව රුපියල් 2000 ක් දක්වා ඉහළ දමා තිබේ.
මෙම දෛනික කුලියට අමතරව එම තැනැත්තාට ආහාර පානාදියද ලබා දිය යුතු වෙයි.
කුලිකරු පෝලිමේ මුල් ස්ථානයක් අල්ලාගෙන පෝලිමේ රැඳී සිටින අතර වාහන හිමියා කළ යුතුව ඇත්තේ වාහනය රැගෙන විත් ඔහුට බාර දීම පමණකි.
ඉන්ධන ලබා දෙන විට කුලීකරු ගොස් ඉන්ධන ලබා ගෙන අයිතිකරුට ඉන්ධන පිරවූ වාහනය ලබා දෙයි.
ඉන්ධන ලබා ගැනීම සඳහා යාපනයේ වැසියන්ට දින දෙක තුනක් පෝලිමේ සිටීමට සිදු වන නිසා කුලීකරුවන් පෝලිම්වලට යොදවා ඉන්ධන ලබා ගැනීමට එහි වැසියෝ පුරුදුව සිටිති.