තුෂාරී කළුබෝවිල
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්රික්ක 8ක ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 23කට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, හම්බන්තොට දිස්ත්රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්රික්කයේ ගඟ ඉහළ කෝරළය, මැදදුම්බර, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, අරනායක, යටියන්තොට, මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල, මාතර දිස්ත්රික්කයේ අතුරලිය, මුලටියන, පස්ගොඩ, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ, ඇලපාත, කලවාන, නිවිතිගල, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ, පැල්මඩුල්ල, ඇහැලියගොඩ සහ රත්නපුර දිස්ත්රික්කවලට නාය යාම් අවධානම පවතී.
මේ අතර ගාල්ල හා මාතර දිස්ත්රික්කවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති වන බවත්, සෙසු දිස්ත්රික්කවලට ද තද වැසි ඇතිවන බැවින් එම ප්රදේශවල පස් කඳු කඩා වැටීම්, නායයාම්, දිය උල්පත් මතුවීම්, පහත් බිම් යටවීම් ආදිය සිදුවිය හැකි බව අවධාරණය කෙරේ.
තද වැසි සමග බොහෝ ප්රදේශවලට තද සුළං තත්ත්වයක් ද පවතින බැවින් ගස් අතු කඩා වැටීම් වැනි අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ද අනතුරු ඇඟවේ.