මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු ඊයේ (01) දින දහවල් සිට විවෘත කර ඇතැයි එම ජලාශ භාර ඉංජිනේරු කීහ.
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව ඔවුහු පැවසූහ.
ජලාශ දෙකේම වාන් දොරටු විවෘත කර ඇති නිසා කැළණි ගගේ ජල මට්ටම සිඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් ප්‍රකාශ කළේය.