ලලිත් චාමින්ද –
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ පිටිවැල්ල පිංතාලිය හන්දිය අසලදි සිදුවූ රිය අනතුරකින් සිය සමීපතම මිතුරා බරපතල තුවාල ලද බවටවූ ආරංචිය අනුව ඔහු ගැන සොයා බැලීමටගිය අනතුරට පත් තරුණයාගේ මිතුරන් තිදෙනෙක් ගමන් කළ යතුරුපැදිය දඩල්ල කනත්ත අසලදී අනතුරට ලක් වී එක් තරුණයෙක් මිය ගොස් අනෙක් තරුණයින් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පිංතාලිය හන්දිය අසල අනතුරට ලක් වූ තරුණයා ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
රත්ගම පොලිස් බල ප්රදේශයට අයත් පිටිවැල්ල පිංතාලිය අසලදි වු අනතුරෙන් මියගොස් අද අළුයම 22 හැවිරිදිවියේ පසුවන දඩැල්ල ප්රදේශයේ පදිංචි තරුණයෙක් මිය ගියේය.
මොහු යතුරුපැදියකින් ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ගමන් කරමින් සිටියදි කොළඹ දෙස සිට මාතර බලා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථයක හැපිමෙන් මෙම අනතුර වි ඇත.
අද (22) අළුයම 12.30ට පමණ මෙම අනතුර සිදුවි ඇති අතර අනතුරෙන් තුවාල ලැබු තුවාලකරු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (22) අළුයම මියගොස් ඇත. මෙම අනතුර සම්බන්දයෙන් පුද්ගලික බස්රථයේ රියදුරු රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තරුණයා අනතුරකට ලක්වි ඇති බව දැනගත් ඔහුගේ මිතුරන් තිදෙනෙකු යතුරුපැදියෙන් අනතුර වු ස්ථානයට ගොස් ඇත. ඔහු රෝහල්ගතකොට ඇති බව දැනගැනිමෙන් පසු මෙම තරුණයින් තිදෙනා යතුරුපැදියෙන් ගාල්ල ජාතික රෝහල වෙත ගමන් කරමින් සිටියදි දඩැල්ල කනත්ත අසලින් ඇති මාර්ගයේ නවතා තිබු බස්රථයක තරුණයින් තිදෙනා පැමිණි යතුරුපැදිය ගැටි ඇත.
එම අනතුරෙන් එක් තරුණයකු මියගොස් ඇත. ඔහු 24 හැවිරිදිවියේ පසුවන ගිංතොට මහගෙදරවත්ත ප්රදේශයේ පදිංචි තරුණයෙකි. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබු අනික් තරුණයින් දෙදෙනා 18 හැවිරිදිවියේ පසුවන අතර ඔවුන් ගිංතොට හා දඩැල්ල යන ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් බස්රථයේ ගැටි විනාඩි 30කට පමණ පසු ත්රි රෝදරථ රියදුරකු විසින් අද අළුයම 1.30ට පමණ රෝහල්ගතකොට ඇති බැව් පොලිසිය පවසයි.
මෙම අනතුරු පිළිබද ගාල්ල හා රත්ගම පොලිසිය පරික්ෂණ පවත්වයි.







